Colombo Today Local News

බෙදුම්වාදය නැවත නැගී එන බව පේනවා.. විග්නේෂ්වරන්ලා ඉන්න තැන දෙමළ මිනිස්සු නෑ

omalpe sobitha himi

වර්තමාන දේශපාලන පසුබිම තුළ නැවත වරක් උතුරේ බෙදුම්වාදය නැගී එන බවට අදහසක් පෙනී යන බවත්, බෙදුම්වාදය අවශ්‍ය වී ඇත්තේ උතුරේ දෙමළ ජනතාවට නොව, දේශපාලකයන්ට පමණක් බවත් ජාතික හෙළ උරුමයේ හිටපු නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.

පුවත්පත් සාකච්ඡාවකට එක්වමෙන් ඒ පිළිබදව උන්වහන්සේ දැක්වූ අදහස් මෙසේය.

“වර්තමාන දේශපාලන පසුබිම තුළ උතුරේ බෙදුම් වාදය නැගීි එනවාය කියන අදහසක් පේනවා. ඊට අදාළව යම් හඬක් උතුරෙන් නැගෙනවා. විශේෂයෙන්ම උතුරේ මහ ඇමැතිවරයා ෆෙඩරල් රාජ්‍යයක් බිහි කිරීම වෙනුවෙන් කෑ ගහනවා හඬ නගනවා අපි දෙමළ කියලා ජාතිවාදය වපුරනවා. මෙවැනි දේ උතුරේ සිදු වෙනවා. මේක ස්වභාවිකව සිදුවන දෙයක්. යුදමය වාතාවරණය අවසන් වුණා දැන් සාමකාමී වාතාවරණයක් තියෙනවා. එම නිසා නිරන්තරයෙන්ම තම ජනප්‍රියතාවය සඳහා දේශපාලනඥයෝ භාවිත කළ ප්‍රධානම උපක්‍රමය තමයි බෙදුම්වාදය. විග්නේෂ්වරන් කියන මහ ඇමැතිවරයා තමන්ගේ ජනතාව අතර ජනප්‍රියවීම සඳහා බෙදුම්වාදය පාවිච්චි කරනවා. දෙමළ නැගිටිමු විරෝධතා රැලියේදී විග්නේෂ්වරන් මහ ඇමැතිවරයාගේ ප්‍රකාශය දැනට පවතින ජාතික සංහිඳියාව හා සමගිය ගොඩ නැගීිමේ ක්‍රියාවලියට පහරක් එල්ල වන බවට දෙමළ ජාතික සන්ධානයම විරෝධය පළ කරලා තියෙනවා. ඔහු කියන තැන සාමාන්‍ය දෙමළ මිනිස්සු නැහැ“

Related posts

බල්ලන්ට ඇද්ද විදුලි රැහැනේ පැටලී පුද්ගලයෙක් මරුට

Admin

තීන්දු අවශ්‍ය විදිහට නොදුන්නොත් පවුල පිටින් මරණවා කියා තර්ජණය කරා – යහපාලන ඇමති රන්ජන්ට විරුද්ධව මහාධිකරණ විනිසුරු පැමිණිලි කරයි….

colombotoday

හකීම්ගේ “ගහ” දෙදරයි.. කුරාණය පදනම් කරගෙන නව පක්ෂයක් නැගෙනහිරින් බිහිවෙයි !

colombotoday

මැතිසබේ ගුටි කෙළිය ගැන හොයන කමිටුව අද රැස් වෙයි

Admin

දුම්රියක් පීලි පනී – උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

මාර්තු 1 වනදා සිට 9 දා දක්වා කාලය ඇතුලත මෙරටට ඉතාලියෙන් පැමිණි 1000ක් වෙන්නප්පුව, හලාවත, මීගමුවේ නිදැල්ලේ…

colombotoday