Colombo Today Local News

ඉන්දු – පාකිස්ථාන විරසකය කලාපීය දේශපාලන ස්ථාවරයට ප්‍රබල බලපෑමක් – දයාන් ජයතිලක

dayan-jayatilakeඉන්දියාව සහ පාකිස්තානය අතර නිර්මාණය වී ඇති විරසකය කලාපීය දේශපාලනයේ ස්ථාවරත්වයට දැඩි බලපෑමක් එක්ක කරන බව ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.

මෙම තත්ත්වය දෙරට අතර න්‍යෂ්ටික ගැටුමක් දක්වා දුරදිග යාමට ද හැකි වාතාවරණයක් නිර්මාණය වී ඇති බවද ඔහු පෙන්වා දෙයි.

ඔහු පවසන්නේ ඉන්දියාව සහ පාකිස්තානය න්‍යෂ්ටික බලවතුන් ලෙස තවමත් නවක අවදියක පසුවීම තවත් අවදානම් තත්වයක් බවයි.

කලාපීය ප‍්‍රබලයන් දෙදෙනාගේ මෙම ගැටළුකාරී තත්ත්වය පවතින සමයේ, සාර්ක් සමුළුව කල් දැමීම අවාසිදායක බව ද ආචාර්ය දයාන් ජයතිලක පෙන්වා දෙයි.

සාර්ක් සංවිධානයට මෙම ගැටළුව සඳහා මීට වඩා මැදිහත්වීමක් සිදු කිරීමේ හැකියාව තිබූ බවත් ලංකාවේද සහභාගීත්වයෙන් මෙවර සාර්ක් සමුළුව බිඳ දැමීම අනුවන ක්‍රියාවක් බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

Related posts

කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ජනපති තැබූ සටහන

colombotoday

අත්‍යවශ්‍ය සේවා සහ පාරිභෝගික ද්‍රව්‍ය කාර්යක්ෂමව බෙදාහැරීමේ යාන්ත්‍රණයක්

colombotoday

හෙරොයින් කිලෝවක් සමග කතක් STF දැලේ

colombotoday

තරගාවලි ජය ශ්‍රී ලංකාවට

Admin

අමාත්‍ය සනත් නිශාන්තගේ මරනය සැක සහිතයි බිරිද පැමිනිලි කරයි

Admin

හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් යළි විවෘත කෙරේ

colombotoday