Colombo Today Local News

පුද්ගලයෙකු ට පහරදී මරා දාල

වැලිපැන්න පොලිස් වසමේ වලගෙදර ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ට පහරදී ඝාතනය කර තිබේ.

අදාළ පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවට වැලිපැන්න පොලීසියට තොරතුරක් ලැබුණු බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 71ක් වූ මනන්නාවත්ත, වලගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

දෙපාර්ශවයක් අතර ඇති වු ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් මරණකරු පදිංචිව සිටි නිවසට පැමිණි පිරිසක් විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් එම ඝාතනය සිදුව ඇත.

මෘත ශරීරය කළුතර රෝහලේ තැන්පත් කර තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, වැලිපැන්න පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ඔන්ලයින් ක්‍රමයට පාස්පෝට් නිකුත් කිරීම සාර්ථකයි

Admin

දුම් ඇල්ලීම නිසා ස්නායු ශෛලවලට හානි සිදු විය හැකි.. කිසිසේත් හුමාලය ආග්‍රානය නොකරන්න

colombotoday

දුම්රිය මැදිරියක් ගිනි ගනී

Admin

කොකු චමින්ද හෙරොයින් සමග අල්ලයි

colombotoday

පිටකොටුවේ පිටකොටුවේ ගින්නෙන් තුවාල ලබා සිටි තරුණියක් මිය යයි

Admin

දේශපාලන පක්ෂ සමග සන්ධානගතවීමකට සූදානමක් නැහැ

colombotoday