Colombo Today Local News

” අනිවාර්යෙන්ම ආහාර හිඟයක් ඇති වෙනවා… ජනතාව දැනුවත් කළ නිසා මාව ඉවත් කළා ” – හිටපු කෘෂි ලේකම්ගෙන් සැර ප්‍රකාශයක්

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ධූරයෙන් තමා ඉවත් කිරීමට පැහැදිලි හේතුවක් තවමත් නොදන්නා බවත් ආහාර හිඟයක් ඇති වෙන්නේ යයි තමන් කළ ප්‍රකාශයේ වෙනසක් නොමැති බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත කේ. ජයසිංහ මහතා ඊයේ (23)දින පැවසිය.

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ධූරය අතහැර නාදුණන වෙනත් අයෙකුට භාරදුන් බවත් එම සිද්ධියට හේතුව තමන්ට ද මේ දක්වා පැහැදිලි නොමැති බවත් මාහාචාර්ය උදිත කේ. ජයසිංහ මහතා කීය.

වංචාවක්, දූෂණයක් හෝ අල්ලසක් වැනි හේතුවක් හෝ එකී මෙකී නොකී වෙනත් හේතුවක් තිබේ නම් කවුරුන් හෝ දැනගත යුතු නිසා එවැනි හේතුවක් නොමැති බවට විශ්වාස කරන බව ද මහාචාර්යවරයා කීය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ධුරයට වෙනත් කෙනෙකු පත්කළේ යැයි පමණක් තමන් දන්නා බවත් ලේකම් ධුරයෙන් ඉවත් කළ බව ලිඛිතව දැනුම් දී නොතිබුණ ද නව ලේකම්වරයා පත් කළ ලිපිය ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා තමන්ට යොමුකළ තිබූ බවත් පැවසීය.

ලේකම් ධූරයෙන් ඉවත් කර ඇති බවට ජනාධිපති ලේකම් කාර්යාලය සහකාර අධ්‍යක්ෂකවරියක් දුරකථනයෙන් දැනුම් දුන් බව කී ජයසිංහ මහතා ආහාර හිඟයක් ඇති වන බවට ප්‍රකාශය ආන්දෝලනාත්මක එකක් නොවන බවත් වර්තමානයේ වගාබිම් දෙස බැලීමේදී අනිවාර්යෙන්ම ආහාර හිඟයක් ඇතිවන බව කිව හැකි බවත් කෘෂිකර්ම ක්ෂේත්‍රය පිළිබඳව අවබෝධයක් නොමැති සහ එවැනි දෙයක් සිදු වුව ද එය සැඟවිය යුතු බවට අදහසක් තිබෙන පුද්ගලයෙකුට එම ප්‍රකාශය ආන්දෝලනාත්මක විය හැකි බවත් මහාචාර්ය උදිත කේ. ජයසිංහ මහතා සඳහන් කළේය.

මහාචාර්ය උදිත කේ. ජයසිංහ මහතා විශේෂ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් එසේ පැවසීය.

Related posts

සහරන්ගේ සොහොයුරාගේ ඉඩමෙන් හමුවූ කඩු දිවයින පුරා පල්ලිවලින් හමුවූ කඩුවලට සමානයි.

colombotoday

ඡන්ද පොලේ බීමත්ව කලහ කළ පොලිස් පරික්ෂකගේ වැඩ තහනම්

colombotoday

මැති සබයට මිරිස් කුඩු ගෙනාවේ සපත්තුවේ හංගාගෙන

colombotoday

බුදු පිළිමයක් විකෘති කර FB දැමූ කඩුගන්නාවේ මුස්ලිම් ජාතිකයා අත්අඩංගුවට !

colombotoday

රියර් අද්මිරාල් කපිල සමරවීර නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

colombotoday

හෙට සුරාසැල් ඇරලා… 13-14 වහලා

Admin