Colombo Today Local News

කොටින්ට විෂ දුන් කතාව බොරුවක් වෙයි.. හමුදාව නිර්දෝශියි

පුනරුත්ථාපනය වූ හිටපු එල්ටිටීඊ සාමාජිකයින්ට විස එන්නත් ශරීරගත කර ඇත්දැයි සෙවීම සදහා සිදුකළ වෛද්‍ය පරීක්‍ෂණ සදහා මේ වනවිට හිටපු එල්ටිටීඊ සාමාජිකයින් 146 දෙනෙකු පෙනී සිට ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී සත්‍යලිංගම් මහතාගේ නිර්දේශය පරිදි පත්කර ඇති විශේෂ වෛද්‍ය කමිටුවක් විසින් සිදුකරන මෙම වෛද්‍ය පරීක්‍ෂණය අනුව මෙතෙක් විස එන්නත් ශරීරගත වූ කිසිදු හිටපු එල්ටිටීඊ  සාමාජිකයෙකු හමුවී නැති බව ද අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කරයි.

යුද සමයේදී ආරක්‍ෂක හමුදාව වෙත භාර වී පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයින් 105 දෙනෙකු හදුනා නොගත් රෝගවලට හා පිළිකා රෝගවලට ගොදුරු වී මියයාමත්, තවත් බහුතර පිරිසක් එම රෝගවලට ගොදුරු වීමත්, විස එන්නත් ශරීරගත කිරීමකින් සිදුවූ බවට චෝදනා එල්ල වීමත් මත හිටපු කොටි සාමාජිකයින් වෛද්‍ය පරීක්‍ෂණයන්ට ලක්කිරීම සදහා උතුරු පළාත් සභාව විසින් යෝජනාවක් සම්මත කර ගත්තේය.

මේ අනුව යාපනය දිස්ත‍්‍රික්කයේ හිටපු එල්ටිටීඊ සාමාජිකයින් 29 දෙනෙකුත්, කිලිනොච්චිය දිස්ත‍්‍රීක්කයේ 24 දෙනෙකුත්, මුලතිව් දිස්ත‍්‍රික්කයේ 81 දෙනෙකුත්, වව්නියාව දිස්ත‍්‍රික්කයේ 07 දෙනෙකුත්, මන්නාරම දිස්තී‍්‍රක්කයේ 05 දෙනෙකුත්, වශයෙන් 146 දෙනෙකු වෛද්‍ය පරීක්‍ෂණයන් සිදුකරගෙන ඇත.

Related posts

ඇමති අර්ජුනත් හිට්ලර් පාලනයක් ඉල්ලයි

colombotoday

බලඇණි 33ක් අහෝසි කරයි… හමුදාවේ බලය සියයට 25 කින් අඩු කිරිමට සැරසේ

colombotoday

මොරගල්ල මුහුදේ දියනෑමට ගිය පස්දෙනෙකු දියවැලකට හසුවෙයි

colombotoday

නිවර්තන පැසිපික් සාගරයේ ලානිනා තත්ත්වය උදාසීන එල්නිනෝ තත්ත්වයකට

colombotoday

ජනපති පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම්වරිය හමුවෙයි

Admin

ජනපති බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා හමු වෙයි

Admin