Colombo Today Local News

සමාජ ශාලාවේ යකා නැටූ පිරිස ප්‍රභූ ආරක්ෂක අංශයෙන් ඉවතට !

night-club-attack

පසුගිය (08) වනදා අළුයම කොළම ටවුන්හෝල් හී “Clique“ රාත්‍රී සමාජ ශාලාවේ සිදුවූ පහරදීමට සම්බන්ධ ප්‍රභූ ආරක්ෂක අංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්ෂක අංශයෙන් ඉවත් කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ජනපති පුත්‍රයාගේ ආරක්ෂාවට යොදවා සිටි මෙම පිරිස පෙරදින රාත්‍රියේ සමාජ ශාලාවට පැමිණ, එහි ඇතුළුවීමට ඉඩ නොදීම හේතුවෙන් සමාජ ශාලාවේ ආරක්ෂකයින් සමග ගැටුමක් ඇතිකරගෙන තිබෙන අතර පසුව පැමිණ පොලු මුගුරුවලින් පහරදී සමාජ ශාලාවට දැඩි ලෙස අලාභහානි කර තිබෙනවා.

මේ වන විටත් සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති විමර්ෂණ ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර සිද්ධියට සම්බන්ධ සියළු දෙනාට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

“මෙරට මැතිවරණ ක්‍රියාවලිය ඉතාමත් දූෂිත හා දුර්වලයි”

colombotoday

කෑගල්ල දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරිනීතීය පනවන්නැයි ඉල්ලීමක්

colombotoday

ගාලුමුවදොර යන ශ්‍රීලනිප මන්ත්‍රීන් ගැන මේ පාරනම් තීරණයක් ගන්නවා !

colombotoday

මාවනැල්ල ප්‍රදේශයට යුද හමුදා ආරක්ෂාව

colombotoday

රෝහල් වල හිඟ ඖෂධ ලැයිස්තුවක් විපක්ෂ නායක ඉල්ලයි

Admin

ඩුබායි සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට ගැබිණි මව්වරු 120දෙනකු ඒඅතර

colombotoday