Colombo Today Local NewsHot News

මහින්ද මයිත්‍රී රහස් හමුවක්. එන ජන්දෙට දෙපාර්ශවය පුටුවෙන් ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟි කිරීම වෙනුවෙන් පැවැත්වෙන සාකච්ඡා ඉතා රහසිගතව තවදුරටත් පැවැත්වෙන අතර එක් කොන්දේසියක් හැරෙන්නට අනෙක් සියලුම කොන්දේසිවලට එකඟ වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඒකාබද්ධ විපක්ෂයට දැනුම් දී තිබේ.
ආණ්ඩුවෙන් ඉවත්වීම හැර අනෙකුත් කොන්දේසිවලට එකඟවන බවත් පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම්ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්වයෙන් එකඟතාව ලැබී තිබෙන බවදත් වාර්තා වේ.

එසේ එකඟතාවකට පැමිණියහොත් “පුටුව” ලාංඡනය යටතේ පොදුජන එක්සත් පෙරමුණෙන් පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට හැකි බවත් අපේක්ෂකයන්ගෙන් 50%කට වඩා බහුතරයක් ඒකාබද්ධ විපක්ෂයට ලබාදීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ වී ඇති බවත් වාර්තා වේ. මීට අමතරව පොදුජන එක්සත් පෙරමුණේ සභාපති ධුරය සම්බන්ධයෙන්ද යම් නම්‍යශීලීත්වයක් ඇති කරගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කර තිබෙන බවද දැනගන්නට ඇත.

මීට අදාළව මෛත්‍රි-මහින්ද විශේෂ හමුවක් සිකුරාදා රාත්‍රියේ පැවැත්වුණු බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් දැන ගනීමට ලැබුණි.

Related posts

මන්නාරම නාරිකාඩුවල සිංහලයන්ගේ කඳුළු කථාව

colombotoday

හිටපු නගරාධිපතිගේ නිවසට නිරුවතින් ආ පුද්ගලයෙකුගෙන් ප්‍රහාරයක්

Admin

රාජිත හමුවීමට තරම් දත් රෝගීන් ඒකාබද්ධයේ නෑ – ඩලස්‌ අලහප්පෙරුම

colombotoday

යනකොට අනුන්ගේ ඇඳුම් අරගෙන යන්න එපා- රනිල්ගෙන් ඉල්ලීමක්

colombotoday

ශ්‍රී ලංකා වරාය අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ

colombotoday

පැය දෙකක විශේෂ මෙහෙයුමකින් බීමත් රියදුරන් 188ක් අත්අඩංගුවේ

colombotoday