BusinessColombo Today Local News

ලෙඩ ගොඩක්.. Kwid රථ 50,000 ක් ආපසු කැඳවයි

Renault Kwid මෝටර් රථ ඒකක 50,000 ක් යළි කැඳවීමට පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය අනාවරණය කර සිටී. මෙම මෝටර් රථවල ඉන්ධන පද්ධතියේ දෝෂයක් නිරාකරණය කිරීම සඳහා සහ අලුතෙන් hose clip සවිකිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් වේ. 800cc මාදිලියේ ආරම්භක මට්ටමේ (entry level) වාහන ඒකක 50,000 ක් මෙලෙස යළි කැඳවීමට නියමිතය.

2015 ඔක්තෝබර් සිට 2016 මැයි දක්වා නිපදවන ලද මෝටර් රථවල මෙම දෝෂය මතුව ඇති බවත් එය ඉන්ධන සැපයීම කෙරෙහි බාධා ඇතිකරවන තත්ත්වයක් මතු කරලිය හැකි බැවින් මෙම තීරණය ගත් බවත් Renault India විසින් සිදුකරන ලද පූර්ව පරීක්ෂවල දී අනාවරණය වී තිබේ. තවද මෙම වාහනවල ඉන්ධන නල ක්ලිපය ද (fuel hose clip) ප්‍රතිෂ්ඨාපනය කළ යුතු බවට නිර්දේශ කර ඇත.

මේ සම්බන්ධයෙන් Renault India සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මේ සඳහා පාරිභෝගිකයින් කිසිදු පිරිවැයක් දැරිය යුතු නොවන බවත්, පරීක්ෂාවෙන් පසු අවශ්‍ය පියවර ගැනීමට සමාගම සූදානම් බවත්ය.

කෙසේ වෙතත් ආරංචි මාර්ග සඳහන් කරනුයේ සියලූම Renault Kwid වාහනවල මෙම දෝෂය මතුව නොමැති බවත්, 10% ක ප්‍රමාණයක අදාළ අවදානම ඇති බවත්ය.

මේ වන විට සීඝ්‍ර අලෙවියක් වාර්තා කර ඇති Kwid වාහන මාදිලිය මෙම වසරේ අප්‍රේල් – සැප්තැම්බර් කාලපරිච්ඡේදය තුළ දී වාහන ඒකක 56,028 ක් අලෙවි කර ඇති බව සඳහන් වේ.

– biz.adaderana.lk

Related posts

කොතලාවල නිවසක් තුල තිබී කාන්තා මල සිරුරක් හමුවේ

Admin

මරාගෙන මැරෙන කලු කොටි දිනය සමරා කිලිනොච්චියේ සිතුවම්….

colombotoday

2020 දී සියළුම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ටත් ඡන්ද වරම්

colombotoday

“ලෝකයේ නව කොවිඩ් ප්‍රභේදවලට වැට කඩොලු බැඳිය නොහැකි. වගකීම් ඉටු නොකළොත් රට දැවැන්ත විනාශයක් කරා ඇදේවි’’

colombotoday

සාරා ජස්මින් මියගිය බව DNA හරහා තහවුරු කරයි

Admin

මෛත්‍රී විදෙස්ගත වීම සැක සහිතයි – මන්ත්‍රී කාවින්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

Admin