Colombo Today Local NewsHot News

හම්බන්තොට චීනයට දෙන නිසා ඉන්දියාව කණගාටුවෙන්.. ඉන්දියාව සතුටු කරන්න ත්‍රිමලේ වරාය දෙයි

ත්‍රීකුණාමල වරාය සංවර්ධනය කිරීම සදහා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සැන් කිරීමට නියමිත ගිවිසුම සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන සතියේදී ගැනීමට නියමිත බව ඉන්දියාවේ ඩෙකෑන් හෙරල්ඩ් පුවත් සේවය වාර්තා කරයි.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා (25) ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.

ත්‍රිකුණාමල වරාය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාවට කළ යෝජනාව ගැන සාකච්ඡා කිරීම අරමුණු කරගනිමින් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හා වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව එම පුවත්පත සදහන් කරයි.

අන්තර්ජාතික වෙසක් දිනය වෙනුවෙන් ශ්‍රි ලංකාවේ පැවැත්වෙන උත්සවයට සහභාගී වීමට කෙරෙන ඉන්දියානු අගමැතිවරයාගේ සංචාරයේදී මෙම ගිවිසුම් අත්සන් කිරීමට ඉඩ ඇති බවද හෙරල්ඩ් පුවත් සේවය වාර්තා කරයි.

ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (එට්කා) සම්බන්ධයෙන් වන සාකච්ඡා කඩිනම් කිරීම ගැනද එහිදි සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික වත්කම් ගොඩනැගීමට චීනයට ලබාදෙන අවස්ථාව ගැන ඉන්දියාව පලකළ කනස්සල්ල සමනය කිරීමටත් ඉන්දියාව හා චීනය අතර සමබරතාවක් ඇති කිරීමටත් ත්‍රිකුණාමල වරාය සංවර්ධනය කිරීමේ යෝජනාව ශ්‍රී ලංකාව ඉන්දියාවට ඉදිරිපත් කර ඇතැයි හෙරල්ඩ් පුවත් සේවය පවසයි.

Related posts

මන්නාරම රදගුරු රායප්පු ජෝශප්ට අන්තිමයි

colombotoday

2017 තීරණාත්මකයි.. මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් ලෙස එක්ව නැගීසිටිමු

colombotoday

ඉතිහාසයේ මුල් වරටයි.. UN නියෝජිතයෙක් හමුදා ආරක්ෂක ස්ථාන 15ක් පිරික්සයි.. චෝදනාපත්‍රයකුත් ජිනීවා යවයි

colombotoday

ෆුල් ෆේස් හෙල්මට් පළඳින යතුරුපැදිකරුවන්ට ලැබෙන සහනය

colombotoday

මුස්ලිම් අමාත්‍යවරුන්ගේ දින 30 නාටකය – මුසම්මිල්

colombotoday

ජනපතිවරණයේ වියදම රු කෝටි 450යි

colombotoday