Colombo Today Local News

“වෘත්තීය සමිති තමන්ගේ සීමාව දැනගත යුතුයි“ – ෆොන්සේකා කල්තියා අනතුරු අගවයි

ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවය වැටහෙන බවත් ඒ අවශ්‍යතාව වෙනුවෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ෆොන්සේකා මහතා මේ බව පවසා සිටියේ කැලණියේදී ඊයේ (27 වැනිදා) පැවැති අවුරුදු උත්සවයකට සහභාගි වෙමිනි.

පසුගිය දිනක පැවති කැබිනට් සාකච්ඡාවකදී හමුදාපති හෝ ආරක්ෂක අංශ ප්‍රධානි තනතුර බාරගැනීමට සූදානම්දැයි ජනපතිවරයා තමන්ගෙන් විමසූ බවත් ඊට තමන් එම අවස්ථාවේදී ‘නැහැ‘ යැයි ප්‍රකාශ කළ බවත් ෆොන්සේකා මහතා කීවේය.

“වෘත්තීය සමිති ඇත්තේ ඔවුන්ගේ සුභසාධනය වෙනුවෙන් පියවර ගැනීමටයි. නමුත් ඔවුන් දේශපාලන හෙංචයියන් වී දේශපාලන අරමුණු සඳහා රජය කඩාකප්පල් කර රජය පෙරළීමට හදනවානම් එය වෘත්තිය සමිති අයිතිවාසිකමක් නොවේ“

“ජනතා ඡන්දයෙන් පත්වූ ආණ්ඩුව ජනතාවට නිදහස දුන්නා. ඒ නිදහසෙන් අයුතු විදිහට ප්‍රයෝජන ගන්න හදනවා නම්, ජනතා ජීවිතය අඩපණ කරලා ජනතාවට හිරිහැර කරලා රාජ්‍ය තන්ත්‍රය අඩපණ කිරීමට හදනවානම් රජයක් විදියට ඒකට ඉඩදෙන්න බැහැ“

“ජනතාව වෙනුවෙන් ඒ අයට යම් යම් පියවර ගන්න වේවි“

“මේ දවස්වල වෘත්තීය සමිති වැඩ කරන හැටි මම දැක්කා. සල්ලි තියෙන දේශපාලනඥයින් මේ පිටුපස ඉන්නවා. එවැනි දේවලට ඉඩ දෙන්න බැහැ. රජය ආරක්ෂා කරන්න ඕනෑ“ යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Related posts

ශ‍්‍රීලනිපය 03 වැනිදා ආණ්ඩුවෙන් ඉවතට

colombotoday

පැය තුනකට වැඩි විදුලි කප්පාදුවක්

colombotoday

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට අනු කමිටුවෙන් නිර්දේශ 25 ක්

Admin

විදුලිබල, ඛනිජතෙල් ඇතුළු සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක්

Admin

අරලිය ගහ මන්දිරයෙ අහඹු PCR පරීක්ෂාවක්

colombotoday

තිරිඟු පිටි මිල ඉහළට – බේකරි රැසක් වැසේ

colombotoday