Colombo Today Local NewsHot News

කොටින්ගේ හොරි කහන්න පිරිමි නර්සුත් ජිනීවා ගිහින්.. පාක්‍යසෝති, නිමල්කා NGO නඩයේ කොටි නැටුම් මෙන්න

මෙරට ජනතාව ජිනිවාහිදී සිදු වු දේ දන්නේ නැත. එහෙත් අපි ඒ දීන ක්‍රියා හෙළි කරන්නෙමු. ශ්‍රී ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය නිහඬව සිටියත් අපට නිහඬව සිටීමට නොහැකිය.

“හමුදාව ද්‍රවිඩ කාන්තාවන් දූෂණය කරයි. උතුරේ හින්දු කෝවිල් කඩා බෞද්ධ පන්සල් ඉදිකරයි. හමුදාව මුළු උතුරේම ඉඩම් අල්ලාගෙන ඇත. ද්‍රවිඩ ජනතාවට නිදහසක්‌ නැත. ද්‍රවිඩයන්ට ස්‌වයංපාලනය හා පෙඩරල් පාලනය අවශ්‍යයි“ යනුවෙන් අභූත චෝදනා රැසක්‌ ජිනීවා නුවරදී එල්ලවීය.

ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහිව නාටකයක්‌ රඟ දැක්‌ වූ පිරිස මෙසේය. ගඡේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, ආනන්දි සසිකරන් එම්. කේ. සිවාජිලිංගම් එස්‌. කඡේන්ද්‍රන් එමානුවෙල් පියනම මන්නාරමේ සභාමලෙයි පියනම, කැනඩාවේ ගැරී ආනන්දසංගරී 1971 කැරැල්ලේ හිටපු කැරළිකරු සුනන්ද දේශප්‍රිය නොහොත් රංජිත් ඇමරිකාවේ කැරන් පාකර් පාක්‍යසෝති සර්වනමුත්තු සහ නිමල්කා ප්‍රනාන්දු.

මෙම පිරිස අතරට පිරිමි හෙදියක්‌ වූ සමන් රත්නප්‍රිය නැමැත්තා ප්‍රමුඛ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් හය දෙනකුද එක්‌වීය.

උතුරේ ද්‍රවිඩ පාර්ශව ශ්‍රී ලංකාවට එරෙහිව අභූත චෝදනා එල්ල කරද්දී ඊට ප්‍රතිචාර දැක්‌වීමට අපේ තානාපති කාර්යාලයද ඉදිරිපත් වුණේ නැත. එහෙත් හඬක්‌ නැගුණේ රියර් අද්මිරාල් සරත් වීරසේකර ගෙන් පමණකි.

මෙ රට රාජ්‍ය නොවන සංවිධාන ජාලය මෙරටින් ද්‍රවිඩ වාර්තාකාරියක්‌ ද ජිනීවා ගෙන ගොස්‌ තිබුණි. ඇයට පැවරී තිබූ රාජකාරිය වුයේ රියර් අද්මිරාල්වරයාට හා මාහට එරෙහිව අභූත ප්‍රවෘත්ති ඇය තොරතුරු සපයන වෙබ් අඩවි දෙකකට යෑවීමයි.

එසේම ජිනිවා එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ පැවැත් වු ශ්‍රී ලාංකික විරෝධතාවයට සහභාගී වන ශ්‍රී ලාංකිකයන්ගේ ඡායාරූප ගත කිරීමද ඇයට පවරා තිබුණි. මෙම විරෝධතාව සමීපයේ ඊළාම් ඩයස්‌ පෝරාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය සරත් ෆෙdන්සේකා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් ඔවුන්ට එරෙහිව චෝදනා නගා තිබුණි. එහෙත් ඒ ගැන එම ද්‍රවිඩ වාර්තාකාරිය හෙළි කළේ නැත.

මෙයට පෙර පැවැති විරෝධතාවයක්‌ ඡායාරූප ගත කළ සුනන්ද දේශප්‍රිය නැමැත්තා ස්‌විස්‌ පොලිසියට අල්ලාදීමට ශ්‍රී ලාංකිකයන් කටයුතු කර තිබුණි.

එහෙත් මේ ද්‍රවිඩ වාර්තාකාරිය රාජ්‍ය නොවන සංවිධානවල උපදෙස්‌ මත ජිනීවාහි ශ්‍රී ලංකා විරෝධතාවය ඡායාරූප ගත කළාය.

මේ පසුබිම මැද රජයේ සංහිදියා බළකායේ වාර්තාව ද ජාත්‍යන්තරකරණයට ලක්‌ විණි.

එසේම හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරීනී යස්‌මින් සූකා මෙරට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පස්‌ දෙනකුගේ නම් දක්‌වමින් ඔවුන් යුද අපරධකරුවන් ලෙස නම් කරමින් මානව හිමිකම් සමුළුවට වාර්තාවක්‌ ඉදිරිපත් කළාය.

මේ සියලු සිදුවීම් අපි දුටුවෙමු. ඊට පෙර මගේ සැමියා අතුරුදන් කළා යෑයි ඝෝෂාකරමින් මෙහෙයුමක්‌ දියත් කළ කාන්තාවක්‌ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ද මානව හිමිකම් කවුන්සිලය තුළ දොස්‌ නැගුවාය.

ස්‌විස්‌ රජය එම ඡායාරූප ප්‍රදර්ශනය කිරීමට ඊළම් ඩයස්‌ පෝරාවට ඉඩ දී තිබුණි. ජිනීවාහිදී රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ මාව දුටු ඊළම්වාදීන් දැඩි කෝපයට පත්වූහ.

ඒ නිසා ඊළම් ඩයස්‌පෝරාව අප ගැන සෙවීමට තිරුබාහරන් නැමැති ඔත්තු කරුවාද යොදවා තිබුණි.

වසර ගණනාවක්‌ තිස්‌සේ ජිනිවා මානව හිමිකම් සමුළුව ආවරණය කළ මා මෙවරද එම සමුළුව ආවරණය කිරීමට කටයුතු කළත් ඊලම් ඩයස්‌පෝරාව මා රියර් අද්මිරාල් සරත් වීරසේකරගේ දූත මණ්‌ඩලයේ ක්‍රියාකාරියකු ලෙස රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් එක්‌ව කටයුතු කළ වෙබ් අඩවිවල සේවය කළ ද්‍රවිඩ වාර්තාකාරිය විසින් හඳුන්වනු ලැබුවාය.

ඇය රියර් අද්මිරාල්වරයාව හඳුන්වනු ලැබුවේ ප්‍රචණ්‌ඩකාරියකු ලෙසිනි.

එහෙත් ඇයට සහ ඇගේ එන්. ජී. ඕ. ක්‍රියාකාරීන්ට අපව නතර කිරීමට නොහැකි විය. මේ අතර 1971 කැරැල්ලේ හිටපු කැරැලිකරු සුනන්ද දේශප්‍රිය නැමැත්තා තවත් සාවද්‍ය පුවතක්‌ ප්‍රචාරය කර තිබුණි. ඒ මා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණියේ නීති විරෝධීව බවත් මා හට මාධ්‍ය හැඳුනුම් පතක්‌ නොතිබීම නිසා මානව හිමිකම් බලධාරීන් මට තරවටු කළ බවත් යෑයි පවසමිනි. එහෙත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය මා ආවරණය කළේ නිත්‍යානුකූලව නිසි මාධ්‍ය හැඳුනුම්පතක්‌ සහිතවය. මගේ දෑතේ ලේ ගෑවී නැත. 1971 දී දෑත්වල ලේ ගාවාගෙන රටේ සම්පත් විනාශ කිරීමට දායක වූයේ මේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීයකු වූ සුනන්ද දේශප්‍රිය නැමැත්තාය.

කීර්ති වර්ණකුලසූරිය – දිවයින

ප්‍රවීන මාධ්‍යවේදී කීර්ති වර්ණකුලසූරිය මහතා ජිනීවා නුවර සිට අදහස් දක්වමින්

[fbvideo link=”https://www.facebook.com/GlobalSriLankanForum/videos/1844890132392079/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් රහසිගත විමර්ශනයක් – ජොන්ස්ටන් මාධ්‍යට කියයි

colombotoday

බුද්ධාගම තුන්වැනි තැනට දැමීමට වත්මන් පාලකයන් කටයුතු කිරීම තරයේ හෙළා දකිනවා..!

colombotoday

කොරෝනා ආසාධිතයන් 7 දක්වා ඉහළට !

colombotoday

ඇමෙරිකාවෙ ඉන්න රනිල්ට ජපානයේ සිට මහින්දගෙන් කෝල් එකක් !

colombotoday

මහබැංකු අවුලෙන් ආණ්ඩුව දෙදරයි ! ජනපති – අගමැති හබය දුරදිග යන ලකුණු

colombotoday

“මුස්ලිම් නොවන ගුරුවරු එපා කියා කුණු බිත්තර ගැසීම: ජාතිවාදී ප්‍රශ්නයක් නෙවෙයි” – අධ්‍යාපන ඇමති

colombotoday