Colombo Today Local News

ලක්ෂ 3කට විදුලිය නෑ

ආපදා තත්ත්වය හේතුවෙන් මාතර, ගාල්ල, රත්නපුර හා කෑගල්ල ඇතුළු දිස්ත්‍රික්කවල ලක්ෂ තුනකට ආසන්න පිරිසකට විදුලිය නොමැති වී ඇතැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

මාතර ග්‍රිඩ් උප පොළ ජලයෙන් යටවී ඇතැයි ද ඒ අනුව 1,36000කට විදුලිය නොමැතිවී ඇතැයි ද කී ඇමැතිවරයා එයින් 50000ක පමණ පිරිසකට තංගල්ලෙන් විදුලිය ලබාදීමට කටයුතු කර ඇතැයි ද කීවේය.

එසේම හානියට පත් විදුලි පරිපථ පද්ධති ලංකා විදුලිබල මණ්ඩලය මගින් පරීක්ෂා කර ඒවා නොමිලේ යථා තත්ත්වයට පත්කරදීමට කටයුතු යොදා ඇතැයි ද ඔහු පැවසීය.

විශේෂයෙන්ම දැනට ජලයෙන් යටවී ඇති විදුලි උප පොළවල් ආශ්‍රිතව බෝට්ටු පැදීමෙන් වළකින් ලෙසද ඇමැතිවරයා ඉල්ලා සිටියේය.

Related posts

CIDය ඖෂධ නියාමන අධිකාරියට කඩා පනී

Admin

මහ කන්නයට කාබනික පොහොර ආනයනයට අවසර

colombotoday

නිලධාරීන් බිය විය යුතු නැහැ – ජනපති

colombotoday

වත්මන් ආණ්ඩුවට රට විරුවන්ට වඩා බෝරා මුස්ලිම්වරුන් වටින්නේ මුදල් නිසාද?

colombotoday

හිස් වූ ධම්මිකගේ පුටුවට තුන්කොන් සටනක්

colombotoday

ආබාධිත දරුවෙකු බිහිකළ වරදට කාති උසාවිය දුන් නරුම තීන්දුව

colombotoday