Colombo Today Local News

“දැඩි ආර්ථික අර්බූධයක්.. හම්බන්තොට චීනයට දීම එකම විසදුමයි“ – මහබැංකු අධිපති

හම්බන්තොට වරාය චීනයට පවර ගණුදෙනුව මේ වසර ඇතුළත සිදු නොවුනහොත් මෙරට ජනතාවට ආර්ථික වශයෙන් විශාල ගැටළුවකට මුහුණ දීමට සිදුවනු ඇති බව මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ මහ බැංකුවේ ඊයේ (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

“මේ ගනුදෙනුව නිසා අපේ විදෙස් සංචිත හොඳ මට්ටමකට පැමිණෙනවා. ඒ සල්ලි අවේ නැත්නම් මේ අවුරුද්දේ මෙරට ජනතාවට විශාල ගැටළුවලට මුහුණ පාන්න සිදුවේවි.මේ ගිවිසුම අත්සන් කරන කොට ආරම්භයේ දී ඩොලර් මිලියන 100 ක් එනවා. ඊට මාස 03 කට පසු තව ඩොලර් මිලියන 300 ක් එනවා. ඉන් මාස 06කට පසු ඉතිරි ඩොලර් මිලියන 700 එනවා. කොහොම හරි ඩොලර් මිලියන 400 ක් මේ අවුරුද්දේ නිසැකවම එනවා.

හම්බන්තොට වරාය චීන සමාගමට පවරා දීම ලොකු ඩීල් එකක් . මේ හරහා ලැබෙන මුදල් නොතිබුණොත් ජනතාවට ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ,ආර්ථිකමය වශයෙන් . මේ ඩීල් එක ඉස්සරාහට යන බවක් නම් පේන්න තියනවා . මේක ලොකු ප්‍රතිලාභයක්. මේ අවුරුද්දේ මේක සිදු වුණොත් හොදයි .

මේක අත්සන් කරනකොට ඩොලර් මිලියන 400 ක් අනිවාර්යෙන්ම එනවා .ඒ ගැන අපිට විශ්වාසයි“ යැයි මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

Related posts

ලක්ෂ 62කේ ජනතා පැතුම් රනිල් වික්‍රමසිංහ දුෂණය කළා – ජනපති

colombotoday

චීන රජයෙන් දුන් ඉන්ධන ගොවින්ට බෙදීම අරඹයි

Admin

“යහපාලනය” ගැන පාරම්බාන දඹර අමිල හිමි රාජ්‍ය මුදල් වංචාවක

colombotoday

පෞද්ගලික අංශයටත් කොවිඩ් එන්නත් ආනයනයට අවසර දෙන්න – PHI සංගමය

colombotoday

අගමැති, අගවිනිසුරු හමුවෙලා ! – ජනපති නොසන්සුන් !!

colombotoday

බෝම්බ ලොරියක් ඇල්ලූ රණවිරුවා රිමාන්ඩ්.. ලොරිය පදවාගෙන ආ කොටියා නිදහස්

colombotoday