Colombo Today Local News

“රාජිත කියන්නේ බොරු.. අළුත් ව්‍යවස්ථාවට අපි විරුද්ධයි“ – හෙළ උරුමය

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඒකාබද්ධ විපක්ෂය හැර සියලු දේශපාලන පක්ෂ එකග යැයි අමාත්‍ය රාජිත සේනාරත්න කළ ප්‍රකාශය මුළුමනින්ම සාවද්‍ය බවත්, කිසි විටෙකත් නව ව්‍යවස්ථාවට තම පක්ෂය එකග නොවන බවත් ජාතික හෙළ උරුමය පවසයි.

ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධානය නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා එම අදහස් පළකලේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වර්ණසිංහ මහතා ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට හෝ ඒ මත ජනමත විචාරණයකට යාමට තරම් මෙය සුදුසු කාලය නොවන බවයි.

ජනමත විචාරණයකට තුඩුදෙන ආකාරයේ සහ පළාත් සභාවලට බලය දෙන ආකාරයේ නව ව්‍යවස්ථාවකට ජාතික හෙළ උරුමය කිසිසේත් එකඟ නැති බව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට, ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ලිඛිතව දන්වා ඇති බව ද ඔහු සඳහන් කළේය.

ඒ පිළිබඳ ඇති අකැමැත්ත ලිඛිතවම දන්වා ඇති එකම පක්ෂය ජාතික හෙළ උරුමය බවත් රාජිත සේනාරත්න මහතා නව ව්‍යවස්ථාවක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ප්‍රධානියා ලෙස, සියලු පක්ෂ ඊට එකඟ යැයි කීම සත්‍යයෙන් තොර ප්‍රකාශයක් කීම බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ජීව උණ්ඩ 100ක් සමග අත්අඩංගුවට ගත් අමෙරිකන් ජාතිකයා ඇතුළු දෙදෙනා රිමාන්ඩ්

colombotoday

ව්‍යවස්ථා අතුරු කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවට.. පාර්ලිමේන්තු වටරවුම වැසෙයි !

colombotoday

කථානායක ඥාති සංග‍්‍රහයක: සහෝදරයන්ට සහ පුතනුවන්ට ලබා දී ඇති තනතුරු මෙන්න

colombotoday

ආර්ථික විද්‍යාව ගැන මා සමග විවාදයකට එන්නැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට මං අභියෝග කරනවා.

colombotoday

ව්‍යාධිජනකයින් සහිත චීන කාබනික පොහොර තොගය ගෙනඒම අත්හිටුවයි

colombotoday

මාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතනවලට අදාළව පවතින නීති සංශෝධනයට නව කමිටුවක්

colombotoday