Colombo Today Local NewsHot News

“මං ගෝඨාගෙ නමක්වත් කීවෙ නෑ.. එහෙම කියන්න මං මෝඩයෙක්ද“ ජනපති එජාපය ට කියයි !

‘මං රාජපක්ෂලා ආරක්‍ෂා කරන්න යන්නේ නෑ. මං ගෝඨාභයගේ නමක් වත් කීවේ නෑ. මං එහෙම කියන්න තරම් මෝඩයෙක් නොවෙයි’ යනුවෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සිය නිල නිවසේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු එජාප මැති ඇමතිවරැන් සමග පැවති සාකච්චාවකදී පවසා ඇති බව ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය වාර්තා කරයි.

“ඔන්න ඔන්න මංගල ඔයත් මගේ කතාව හරියට අහලා නෑනේ.. මං එහෙම කියන්න තරම් මෝඩයෙක් නෙවෙයි.. මං කීවේ හමුදාපතිවරු තුන්දෙනෙක් අධිකරණයට ගෙනල්ලා ඒ පින්තූර අරන් මීඩියා වල දාලා ඒගොල්ලො වාසි ගන්න එකයි… මේ අයව හරි හමන් වැරැද්දකට ගන්නවා නම් කමක් නෑ.. ඇප දීල නිදහස් වෙලා ඇවිල්ලා අපි රණවිරුවන්ගෙන් පළිගන්නවා කියලා ඒකේ වාසිය ගන්නවා. මං කීවේ ඒකයි.. මං ගෝඨාභයගේ නමක් වත් කීවේ නෑ.. අනික මගේ කතාවේ අන්තිම හරිය කවුරුත් හරියට අහලා නෑ.. මේ ආණ්ඩුව වට්ටන්න බෑ කියලා මං කීවා.. මේක ශක්තිමත්ම ආණ්ඩුව කියලත් මං කීවා..“යයි මoගල සමරවීර අමාත්‍යවරයාගේ පැනයට පිළිතුර දෙමින් ජනාධිපතිවරයා කියාගෙන ගියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා පදනම් ආයතනයේදී කරන ලද ආවේගශීලි කතාවෙන් මහජනතාව අතර පැතිර ගොස් ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට පසුගිය 13 වෙනිදා රාත්‍රී අගමැතිවරයා ඇතුළු එජාප මැති ඇමැති වරු පිරිසක් ජනාධිපති වරයාගේ පැජට් පාරේ නිවසේ දී ජනාධිපතිවරයා හමුවූහ.

මෙම කණ්ඩායමට අගමැතිවරයා සමග එජාප මහ ලේකම් කබීර් හෂීම්, මංගල සමරවීර, මලික් සමරවික්‍රම, අකිල කාරියවසම් සහ රවීන්ද්‍ර සමරවීර යන ඇමැතිවරු සහභාගී වූ අතර සාගල රත්නායක ඇමැතිවරයා ඒ වන විටත් ජනාධිපති නිවසට පැමිණ සිටියේ ය.

පිරිස සුහදව පිළිගත් ජනාධිපතිවරයා සමග එම සාකච්ඡාවේදි අසන ලද ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් ජනාධිපතිවරයා පවසා සිටියේ “මං රාජපක්ෂලා ආරක්ෂා කරන්න යන්නේ නෑ.. රාජපක්ෂලාට විරුද්ධව තිබෙන පරීක්ෂන නතර කරන්නැයි මං කොයි වෙලාවකවත් කියන්නෙත් නෑ..“ ජනාධිපතිවරයා ශපථ කෙළේය.

සියළු කතා අසා සිටි අගමැතිවරයා අවසානයේ දී කීවේ දැන් සිදුවූ හානිය අවම කර ගැනීම වැදගත් බවත් ඒ සඳහා සියළු දෙනාම කළ යුත්තේ දැනට සිදුකරමින් යන පරීක්ෂණ ඉක්මනින් අවසන් කිරීම යැයි පැවසීය. ඊට ජනාධිපතිවරයාගේද එකඟතාවය පළ විය.

උපුටා ගැනීම – lankaenews

Related posts

මොහොමඩ් ෆයිසාල් බුර්කාවේ සැගවී ගුවන්තොටුපළට ආවේ ඇයි? පොලීසිය හොයයි

colombotoday

අධ්‍යාපන කාර්යාලයක වැසිකිළියක මළ සිරුරක්

Admin

මුහුණු ආවරණ නොපැලදී 238 ක් අත්අඩංගුවට

colombotoday

ඉරාජ් වීරරත්නට අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ධූරයක්.

colombotoday

“ඒකීය රාජ්‍ය” නව ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි, දෙමළ පිටපත්වලින් හැලෙයි..!

colombotoday

යකෙක් එලවන්න ගිහින් කතක් මියයයි.. දරුණුවට පහර දී දුම් අල්ලලා.. මුස්ලිම් පූජකයන් තිදෙනාට අත්හිටවූ සිර දඩුවම්

colombotoday