Colombo Today Local NewsHot News

ඇමති විජයමුණි සොයිසාගේ යාන් ඔයේ වැලි කොල්ලය


වාරිමාර්ග සහ ජල කළමනාකරණ අමාත්‍ය ගාමිණී විජයමුණි සොයිසා විසින් සදාචාර විරෝදී ලෙස යාන් ඔය ව්‍යාපෘතියේ වැලි කොල්ලයක නිරත වෙමින් සිටිනවා.

යාන් ඔය ව්‍යාපෘතිය හේතුවෙන් ජලයට යටවන ප්‍රදේශයේ වටිනා ඛනිජ වැලි නිදියක් පවතින අතර මීට වසර දෙකකට පමණ ඉහතදී කොරියානු සමාගමක් විසින් මෙහි වැලි කැනීමේ කටයුතුවල නිරත විය.

සොයිසා ඇමතිවරයාගේ මෙහෙයවීම යටතේ දෙරණ TV “උකුස්සා” වැඩසටහන සිදු කරන මාධ්‍යවේදියකු මෙම ප්‍රදේශයට යවා පරිසර හානි ඉහල නංවමින් වැලි කැනීමේ කටයුතු සිදුකරන බව ඒත්තු ගැන්වෙන පරිදි වැඩසටහන් ප්‍රචාරය කරවා පසුව ඇමැතිවරයාම මාධ්‍ය ඉදිරියේ වීරයකු වෙමින් ව්‍යාපෘතිය අත් හිටුවන ලදි.

පසුව, 2016 වසරේ ජූලි මාසයේදී ඇමතිවරයාගේ නිළ නොලත් සම්බන්ධීකාරකවරයෙකු ලවා යාන් ඔය ව්‍යපෘති භුමියේ වැලි කැනීම සදහා බලපත්‍ර 25ක් ලබා ගන්නා ලදි. එම බලපත්‍ර අතරින් එක් බලපත්‍රයක් යාන් ඔය ව්‍යාපෘතිය පිලිබදව දෙරණ “උකුස්සා” වැඩසටහන සිදු කරන ලද මාධ්‍යවේදියාගේ නමින්ද ලබාගන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයෙන් අප සිදු කල සොයබැලිම්වලදී තහවුරු විය.

ඒ අනුව යාන් ඔය ව්‍යපෘති භුමියේ හෙක්ටයාර 25 ක ප්‍රදේශයක වැලි කැපීමේ කටයුතු පසුගිය වසරේ අගෝස්තු මාසයේදී පමණ යලි ආරම්භ විය.

මේ අතරතුර අමාත්‍යවරයා තම සම්බන්ධිකාරකවරයා ලවා වැලි කැනීමේ බලපත්‍ර විකිණීමේ ජාවාරම ආරම්භ කරන ලදි. සාමාන්‍ය ව්‍යාපාරිකකුට බලපත්‍රයක් ලබා ගන්නේනම් රුපියල් ලක්ෂ 50 ක මුදලක් ඇමතිවරයාගේ සම්බන්ධිකාරක නමින් පෙනී සිටින පුද්ගලයා වෙත ගෙවීමට සිදුවිය. මේ බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂක සජ්ජන ද සිල්වා මහතාද හොදින් දන්නා නමුත් ඇමති බලතල අනිසි ලෙස යොදාගනිමින් තව තවත් බලපත්‍ර නිකුත් කරන ලෙසට සිදුකල තර්ජන හේතුවෙන් සජ්ජන මහතාට යටත් වීමට සිදුවිය. එහි ප්‍රථිපලයක් ලෙස  බලපත්‍ර ප්‍රමාණය 40 දක්වා වර්ධනය කරගන ඇත.

ඒ අතරතුර මේ මහා වැලි සම්පත ගිලගැනීමට මාන බලනා දේශපාලකයන් සතුටු කිරීමටද සොයිසා අමාත්‍යවරයා පසුබට නොවීය.

  • මන්ත්‍රී සෝලංගආරච්චි වෙනුවෙන් ඔහු නම් කරන ලද පුද්ගලයන් 4 දෙනෙකුට බලපත්‍ර 4ක් එක් බලපත්‍රයක් රුපියල් ලක්ෂ 10 බැගින් අයකරමින් ලබා දී ඇත.

 

 

  • දුමින්ද දිසානායක අමාත්‍යවරයා වෙනුවෙන් ඔහු නම්කළ පුද්ගලින් 10 දෙනෙකුට බලපත්‍ර 10ක්,
  • ප්‍රසන්න රණවිර මන්ත්‍රීවරයා වෙනුවෙන් බලපත්‍ර දෙකක්,
  • වවුනියාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සංවිධායක වන වාසල නැමැත්තා වෙනුවෙන් බලපත්‍ර කිහිපයක්,
  • ජනාධිපති වරයාගේ ලේකම්වරයකු ලෙස ඔහු කියාගන්නා රාජා පීරිස් නැමැත්තා වෙනුවෙන් බලපත්‍ර කිහිපයක්,
  • අඹේපුස්ස ප්‍රදේශයේ පස් කැපීමේ ජාවාරමක නිරතවූ පුද්ගලයා වෙනුවෙන් බලපත්‍ර කිහිපයක්,
    විවිධ ප්‍රමාණයේ මුදල් අයකරමින් ලබා දී ඇත.

 

එක් බලපත්‍රයක් පුද්ගලයන් 3න් දෙනෙකුට පවා විකිනීමට මෙම ජාවාරම් කරුවන් කටයුතු යොදා ඇත.

යාන් ඔය ව්‍යපෘතිය හේතුවෙන් තම ගොවිබිම් අහිමිවුණු අහිංසක ජනතාවට තවමත් රජය වන්දි ගෙවා අවසන් කර නොමැත. මෙම වැලි නිධිය යොදාගනිමින් එම අහිංසකයන්ට ප්‍රතිලාබ ගෙනදීමට රජය අපොහොසත් වන්නේ කූට දේශපාලකයන්ගේ මඩිය තරකර ගැනීමේ අපේක්ෂාව නිසාද යන්න ප්‍රශ්න කල යුතුව ඇත.

ස්වභාව ධර්මයෙන් ලද ජාතික සම්පත් දේශපාලකයන්ගේ උවමනාව මත ඔවුන්ට සහ හිතවතුන්ට හුරා කෑමට ඉඩදිය යුතුද? ජනතාව මත අධික බදු බර පටවමින් රාජ්‍ය වියදම් සොයාගන්නා වර්තමාන ආණ්ඩුවට මෙවැනි ජාතික සම්පත් පලදායි ලෙස යොදා ගැනීමට නොහැකි වීමට හේතු මෙවැනි කූට ඇමතිවරුන්නම්, රටේ යහපැවැත්ම වෙනුවෙන් ඔවුන්ව පන්නා දැමීමට ආණ්ඩුවේ බලධාරීන් ක්‍රියා නොකරන්නේ මන්ද? යන ප්‍රශ්නය අප වගකිවයුත්තන්ට ඉදිරිපත්කර සිටිමු.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් 2500 ඉක්මවයි

colombotoday

ගංජා පැල 8,800ක් වටලා තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවේ

Admin

පොලිසියටත් වඩා සීඅයිඞීය දුර්වලයි – කොළඹ මහාධිකරණ විනිසුරු කියයි

colombotoday

කටුනායක ගුවන්තොටුපල වසාදැමේ !

colombotoday

සුදුවෑන් නඩුවේ විමර්ශන අවසන් අධියරට

colombotoday

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්ගේ බලතල

colombotoday