Colombo Today Local News

රේගුවේන් ඇල්ලු කහ කිලෝ ග්‍රෑම් දසලක්ෂයක් ආපසු ඉන්දියාවටම යවයි

රේගුව විසින් අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටින කහ කන්ටේනර් 62 ක් නැවත ඉන්දියාවට ප්‍රති අපනයනය කිරීමට තීරණය කර තිබේ.
රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, දඩ මුදලක් අය කරගෙන ඒවා ප්‍රති අපනයනය කරන බවයි.

රඳවා ගත් බහාලුම්වල කහ කිලෝ ග්‍රෑම් දසලක්ෂයක් තිබෙන බව ඔහු සඳහන් කළේ ය.

මේ වනවිට කහ මෙරටට ගෙන්වීම සම්පුර්ණයෙන් තහනම් කර තිබේ.

මේ අතර මෙරටට ගෙන ඒමේදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන රාජසන්තක කළ කහ ටොන් 30 න් 10 ක් ශ්‍රී ලංකා ආයුර්වේද නිෂ්පාදන සංස්ථාව කරන ලද ඉල්ලීමකට අනුව මුදල් අමත්‍යාංශයෙන් විසින් ලබා දී තිබේ.

Related posts

ජාත්‍යන්තර ඉස්ලාම් ආර්ථික සමුළුවට අගමැති ඉන්දුනීසියා යයි

colombotoday

හදිසි අනතුරකින් දිවි අහිමි වූ යාපන සරසවි සිසුවා

Admin

අන්වර් මනතුංග ඉස්ලාම් අන්තවාදයේ නිරුවත හෙළිකරයි.. (Video)

colombotoday

ආන්දෝලනාත්මක වීඩියෝව ගැන මහචාර්ය චන්න ජයසුමනගෙන් ප්‍රකාශයක් !

colombotoday

“ආරක්ෂාව තර කරත්, ලංකාවට පැමිණෙන සරණාගතයන් ආපසු හරවා යවන්නේ නෑ” – ආරක්ෂක ලේකම්

colombotoday

ප්‍රධාන වාරි ජලාශ 73ක ජල ධාරිතාව 29% තෙක් පහළට

Admin