Colombo Today Local Newsextremism & terrorism activities

දැරියන් තිදෙනෙක් කෙළෙසූ කාමාතුරයන් එළියට ගන්න බලපෑම්.. යුක්තිය ඉල්ලා මූතූර් පාසල් දරුවන් වීදිබසී

ත්‍රීකුණාමලය මූතූර් මලිගතිව් විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ කුඩා දැරියක් තිදෙනෙකු අපයෝජනයට ලක්කළ මුස්ලිම් ජාතික පුද්ගලයන් තිදෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි බලකරමින් පෙරේදා (29) දා පාසල් දරුවන් සහ දෙමාපියන් විරෝධතාවක නිරත විය.

වයස අවුරුදු 7 – 8 පසුවන මෙම දැරියන් තිදෙනා පාසල නිමවී දහම්පාසැල් පන්තියක් සදහා සහභාගී වීමට යාමේදී මුස්ලිම් ජාතික පුද්ගලයන් තිදෙනෙකු විසින් පැහැරගෙන ගොස් දූෂණයට ලක් කර ඇති අතර, පසුව ගම්වැසියන් එකතුවී සැකකරුවන් හඳුනාගෙන ඔවුන් අසල ගසක බැඳීමට යැමේදී එක සැකකරුවකු පමණක්‌ අල්ලා ගැනීමට හැකිවී ඇති අතර සෙසු අය පැනගොස්‌ ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවන අතර, ඔවුන්ව නිදහස් කරන්නැයි ආණ්ඩුව පක්ෂයට සම්බන්ධ දේශපාලකයෙකු දිගින් දිගටම බලපෑම් කරමින් සිටින බව වාර්තා වේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා හින්දු සම්මේලනය ඉල්ලීමක් කර ඇති අතර, බොදු බල සේනා සංවිධානයද ඒ සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබේ.

[fbvideo link=”https://www.facebook.com/vipulananthav/videos/863126293825831/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහි සජබේ පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

colombotoday

13ට එහා ගිය බලය බෙදීමක් ඕන.. අත් දෙකම උස්සන්න මම ලෑස්තියි

colombotoday

පොහොර හිඟයට හේතුව යහපාලනය පොහොර ආනයනකරුවන්ට මුදල් නොගෙවීමයි

colombotoday

ලුණුගම්වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක්

colombotoday

රාජ්‍ය ආයතන ලංවීමට කෝටි 250ක් පොලු තියලා

Admin

5,000 දීමනාව අනු කමිටුවේ යෝජනාවක් නොවේ.. අමාත්‍ය මණ්ඩලයේදී සත්භාවයෙන් ගත් තීන්දුවක්

colombotoday