Colombo Today Local News

‘මා නිසා අසරණ රෝගීන් අමාරුවේ දාන්න එපා‘ – මහැදුරු කාලෝ GMOAගෙන් ඉල්ලයි

තමා නිසා හෝ තමාගේ තනතුර නිසා අසරණ ලෙඩුන්ව අමාරුවේ දැමීමට වැඩවර්ජනයකට නොයන්නැයි මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අද(10) ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරයෙන් පසුගියදා ඉවත්වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා හමුවී එම තනතුරින් ඉවත් නොවන ලෙසත් ඔහු ඉවත්කරන්නේ නම් තමන් වැඩ වර්ජනයකට යොමුවන බවත් කියමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය හා එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ යන මහත්වරු අද මහාචාර්යවරයාගේ නාවල නිවසේ දී ඔහු හමුවී සංදේශයක් බාරදෙමින් ඉල්ලීමක් කළහ.

තමා වෛද්‍ය වර්ජනයන්ට අකමැති බවත් කී ෆොන්සේකා මහතා වසර 5ක් වෛද්‍ය සභාවේ සභාපති ලෙස කටයුතු කළ බවත් තවත් මාස හයක් කල් ලබාගෙන එම තනතුරේ සිටි බවත් තවදුරටත් එහි රැඳී සිටීමට වුවමනාවක් නැති බවත්ය.

Related posts

කොරෝනා එන්නත ඉල්ලා ජනපති ගෝඨාගෙන් චීන ජනාධිපති ෂී ජින්ට ලිපියක්

colombotoday

“රට ඇතුලේ කවුරු කෑ ගැහුවත් වැඩක් නෑ.. මුළු ලෝකයම අපේ රජයට ආශිර්වාද කරනවා” – ජනපති

colombotoday

මතභේදාත්මක ත්‍රස්ත විරෝධී පනත අද පාර්ලිමේන්තුවට

Admin

පොහොසත්ම පක්ෂය ජවිපෙ.. 2015 ආදායම කෝටි 8 පනී !

colombotoday

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් නිකුත්කිරීම කල් යයි

Admin

කළුතර සුසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

Admin