ArticlesColombo Today Local News

මහින්ද පැරදුණේ මුස්ලිම් ඡන්ද නොලැබුණු නිසාද ?

මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනාධිපතිවරණය පරාජය වීමට හේතුව බොදුබලසේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බව පවසමින් ලිපි ලියමින් සිටින කලක් කොලපාට සමාජයක් වෙනුවෙන් හීන දැක්ක චන්ද්‍රප්‍රේම මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයේ සැබෑ හේතු වසන් කරමින් දැන් තිබෙන ලා කොලපාට සමාජය, තද කොලපාට සමාජයක් දක්වා රැගෙනයාමට කටයුතුකරමින් සිටින බව පෙනී යයි. මන්ද පරාජිතයා තම දුර්වලතා අවබෝධ කරනොගන්නාතෙක් සැමදා ඔහු පරාජිතයෙකි.

රාජපක්ෂ මහතා 2015 ජනාධිපතිවරණය කැඳවීය. ඒ වික්‍රමසිංහ මහතා සමග තරඟ කිරීමට මිස මෛත්‍රීපාල සිරිසේන මහතා සමග තරඟ කිරීමට නොවේ. වික්‍රමසිංහ මහතා විසින් කල් යල් බලා චරිත ඝාතනය කිරීමේ කලාවේ කෙල පැමිණි මංගල සමරවීර මහතා හට රාජපක්ෂ මහතාට හොරා ලේබලය ඇලවීමේ වගකීම සමග එජාප මාධ්‍යය අංශය බාරකළේය. මංගල සමරවීර මහතා විවිධ වෙබ් අඩවි හා මුහුණු පොත යොදාගනිමින් රාජපක්ෂ මහතා පමණක් නොව රාජපක්ෂ පවුල හා එහි සමීපතමයන් ද හොරුන් බවට පත්කිරීමට ගතකළේ ටික කලකි. ඒ සඳහා අනගි සහයෝගයක් එජාප හිතවාදී අනුර දිසානායක සහෝදරයාගෙන් ලැබුණි.

චන්ද්‍රප්‍රේමලා ඥානසාර හිමියන්ගේ කරමතින් තැබීමට උත්සාහදරන ආණ්ඩු විරෝධී ගිනිසිළුව සැබෑවටම තිබුනේ රාජපක්ෂවරු අතේමය. බැසිල් සාධකයේ අත්තනෝමතිකත්වය සමරවීර මහතාගේ මඩත් සමග එලියට එද්දී දිවිනැගුම පනතින් හටගත් බැසිල් සුලඟ අලුත්කඩේ දෙසට වැද පසුව නීතිය පිළිබඳව අධ්‍යාපනයක්ද නොමැති විමල් වීරවංශ වැනි අයගේ නඩු ඇසීමකින් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු තනතුරින් ද පහකොට අත්තනෝමතිකත්වයට සුජාත භාවය ලබාදුනි.මේ සිද්ධීන් ඉහල හා මධ්‍යම පාන්තික ඡන්ද දායකයින්ගේ දැඩි කලකිරීමට හෙතුවිණි. ඒවා හුදෙක් මුස්ලිම් ඡන්ද නොවන බව මතක්කළයුතුය. එමෙන්ම තමන්ගේ ආණ්ඩුවක් යටතේ උවද නිදහස්ව වැඩකිරීමට තිබූ බාධාවනිසා ශ්‍රීලනිප ජේෂ්ඨයින් රැසක් කලකිරීමට පත්ව සිටියහ. ගමේ ඡන්ද දායකයා සමඟ වසර ගනනාවක් සමීප ඇසුරක් පැවැත්වූ මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා,ජනක බණ්ඩාර තෙන්නකෝන්, එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන, විජිත් විජයමුණි සොයිසා, විදුර වික්‍රමනායක, රෙජිනෝල්ඩ් කුරේ, ටී.බී ඒකනායක, එස්.බී.නාවින්න ආදී මහත්වරුන් ඒ අතරින් පෙරමුණේ සිටියහ. සමහරු මැතිවරණයේදී මෛත්‍රී පාර්ශවයට එකතුවී මහින්දගෙ ඡන්ද කැඩූ අතර සමහරු මහින්දගෙ වේදිකාව තුළම හිඳ “හඬා වැලපෙමින් අපට අඩු සැලකිලි තමයි නමුත් පක්ෂය දාලා යන්නෙ නෑ” ලෙස පවසමින් ඡන්ද කැඩූහ. ඒ කැඩුවේ මුස්ලිම් ඡන්ද නොවන බව මතක්කළයුතුය. තවද මර්වින් සිල්වා මහතා වැනි අය සමෘද්ධි නිළධාරියෙකු ගස් බැඳීමේ චෝදනාවකට ලක්විණි. මේවා මාධ්‍යයට රසබර පුවත් බවට පත්විණි. මේ අතර එස්.බී.දිසානායක මහතා විශ්ව විද්‍යාල සිසුන්ට සත්වනම් යොදා ආමන්ත්‍රණය කිරීම්ද දක්නට ලැබුණි.රතුපස්වල,කටුනායක සිද්ධීන්ගෙන් ද ඡන්ද දායකයින් කලකිරුන අතර ඒවා ද හුදෙක් මුස්ලිම් ඡන්ද නොවන බව මතක්කළයුතුය.

මීලඟට නාමල් රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපයන්ද සැලකිල්ලට ගතයුතුය. හමුදා සාමාජිකයන් යොදාගනිමින් කොළඹ මාවත් දිගේ වැලි කොට්ට බැමි ඉදිකරවා ගැනීම මුළු මහත් සමාජයක් පස්චත්තාපයෙන් බලා සිටියහ. හමුදා සාමාජිකයන් මේ සදහා තම විරෝධය ප්‍රකාශ කළ ආකාරය තැපැල් ඡන්ද ප්‍ර්ථිපලයෙන් දේශපාලනය පිළිබඳව කුඩා දැනුමක් ඇත්තෙකුට උව වටහාගත හැකිය. එමෙන්ම හමුදාවේ අයගේ පවුල්වල සාමාජිකයන් ද මෙම විරෝධයට එක්වූ බව වටහාගතයුතුඅතර එම ඡන්ද ද මුස්ලිම් ඡන්ද නොවන බව මතක්කළයුතුය. තවද මහනායක හිමිවරුන්ගේ මෙන්ම සමස්ත බෞද්ධ ජනතාවගේම විරෝධය මැද ශ්‍රී දළදා මාළිගය ලඟ කාර් රේස් පවත්වනු ලැබීය. මේවා ආණ්ඩුව පිළිබඳව සිංහල බෞද්ධයින් කලකිරවීමට හේතුවූ අතර ආණ්ඩු වීරෝධී ඡන්ද ලෙස මේවා ගොනුවු අතර එම ඡන්ද ද මුස්ලිම් ඡන්ද නොවනබව මතක්කළයුතුය.

මීලඟ වැදගත්ම කාරනය වන්නේ රාජපක්ෂ මහතාගේ මැතිවරණය මෙහෙයවූ මොන්ටිසෝරි ස්වභාවයයි. සිරිසේන මහතාගේ හදිසි ඉදිරිපත්වීම ඔවුන්ගේ සැලසුම් අවුල්කළාවිය හැක. නමුත් ඔවුන් එය කලමනාකරණය කළ ආකාරය සියල්ලන්ගේ උපහාසයට ලක් වීය. සිංහල බෞද්ධ ඇඳුමින් සැරසුන මහින්ද රාජපක්ෂ මහතා සමග දනහිසටත් උඩින් නතරවුන කොට ගවුමක් ඇඳගත් ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් ලා වේදිකාවේ හිඳගෙන සිටිනවිට කලකිරුනේ සිංහල බෞද්ධ ඡන්ද දායකයින් මිස මුස්ලිම් ඡන්ද දායකයින් නොවේ. සල්මන් ඛාන් රසිකත්වය ඉන්දියාවේ මෙන් ලංකාවේදී ඡන්දයක් බවට පත්වූයේ නැත. ඒවා සිංහල සමාජයේ උපහාසයට ලක්විණි. තවද යුද්ධය දිනූ ප්‍රතාපවත් නායකයා ඩුප්ලිකේට් සිරිසේන යොදාගැනීමද උපහාසයට ලක්විණි. විමල් වීරවංශ මහතා සිරිසේනෝ….. සිරිසේනෝ… කියමින් වේදිකාව තුළ මෝඩ චූන් සැපයීය. මෙමගින් උපහාසයට ලක්වූයේ සිරිසේන මහතා නොව රාජපක්ෂ මහතාමය. ඉහත කාරනා නිසා අහිමිවූ සිංහල ඡන්ද ලක්ෂ දහයකට ආසන්නය. තවද රාජපක්ෂ මහතාගේ කිසිදු ජනාධිපතිවරණයකට මුස්ලිම් කොංග්‍රසය සහයෝගය දී නැත. මේවාට වගකිවයුත්තේ ඥානසාර හිමිද?

බුද්ධික කලංසූරිය

Related posts

අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට දුන් බලපත්‍රයෙන් දෙදෙනෙක් හෙරොයින් ප්‍රවාහනය කරලා

colombotoday

“පංචවිධ කාර් ඇඩ් එකේ කී පරිදිම, ජනතාවගේ වාහන සිහිනය අපි සැබෑ කළා“ මුදල් ඇමති

colombotoday

විශ්වාසභංගය සූදානම්… ඇමති රිෂාඩ් සල්ලි ගහ හොල්ලයි…

colombotoday

සිරිකොතේ අලියාට වෙඩි තැබූ කොස්තාපල් 29 දක්වා රිමාන්ඩ්

colombotoday

සහරාන්ට කඬේ ගිය ටියුෂන් සර් රිමාන්ඩ්… ශිෂ්‍යාවන් වැසිකිළි යන විටත් වීඩියෝ කරලා

colombotoday

උඹලගේ නායකත්වය අපිට අවශ්‍ය නෑ. පොලීසිය සමග ගැටුම් හදා ගැනීමටත් උත්සහ කළා. – මෝටිවේෂන් අප්පච්චි ජවිපෙ පතුරු ගසයි.

colombotoday