Colombo Today Local News

ගිය ආණ්ඩුවේ නඩු විභාගයට වෙනම උසාවියක්.. මැතිවරණයට පෙර තීන්දු දෙන්න සැළසුම් !

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පිහිටුවා ඉකුත් රජය යටතේ වූ බව කියන වංචා, දූෂණ හා අපරාධ නඩු විභාග කිරීමට රජය තීරණය කර තිබෙනවා.

නීතිපති දෙපාර්තමේන්තුවෙන් රජය කළ ඉල්ලීමකට අනුව නීතිපති ජයන්ත ජයසූරිය අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්ගෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස ඉල්ලා අති බව ආරංචි මාර්ග සදහන් කරයි.

ඉකුත් රජය සමයේ වූ බව කියන වංචා, දූෂණ හා අපරාධ සාමාන්‍ය නඩු ක්‍රමයට යාම තුළ ප්‍රමාදයක් ඇතිවන නිසා මෙය විශේෂ කටයුත්තක් සේ සලකා මෙලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කොට එක දිගට නඩු විභාග කර මාස දෙකක් ඇතුළත තීන්දු ලබාදීමට නියමිතව ඇති බවත් පැවසේ.

අගෝස්තු මාසය දේශපාලන වශයෙන් රට තුළ වැදගත් සිදුවීම් සිදුවන බවට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පසුගිය දා ප්‍රකාශ කර තිබිණි. එසේම මෙම අධිකරණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සදහා විජේදාර රාජපක්ෂ ඇමතිවරයා අධිකරණ ඇමති ධුරයෙන් ඉවත්කිරීමටද එජාපය තීන්දු කර ඇත.

පළාත් පාලන මැතිවරණය මේ වසර අගදී හෝ ලබන වසර මුලදී පැවැත්වීමට ආණ්ඩුව සැලසුම් සකස් කර තිබෙන බවද වාර්තා වේ.

Related posts

සාක්ෂි පරස්පරයි… සයිටම් වෙඩිල්ල කුමන්ත්‍රණයක්ද.. පොලීසියට සැකයක් !!

colombotoday

ප්‍රමාණවත් කරුණු නැතිකමින් රංජන්ගේ කොකේන් නඩුව අවසන් වෙයි

colombotoday

මැතිවරණ නීති කඩන මන්ත්‍රීන්ට වැඩ වරදි?

colombotoday

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 300 සීමාව පනියි. අද දවසට 32ක් වාර්තා වෙයි.

colombotoday

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සමග තැන් දෙකකදී තිදෙනෙක් අල්ලයි !

colombotoday

නිව්යෝක් ටයිම්ස් පුවත බේගලයක්.. චීනය මහින්ද වෙනුවෙන් පෙනී සිටී

colombotoday