Colombo Today Local NewsHot News

සංහිදියාව උපරිමයි.. වාකනේරියේ පන්සල වනසා ඉඩමත් අල්ලලා.. නැගෙනහිර සිංහලයන්ටත් යනඑන මං නෑ !

ghg32623යුද්ධය නිමවීමෙන් පසු 2010 වසරේදී තම උපන් ගමට නැවත පදිංචියට පැමිණි දිනයේ සිට දරුවකු දහම් පාසලකට යොමුකර පොහෝ දිනකදී පහනක් දල්වා මලක් පූජාකර බුදුන් වැඳීමට නොහැකිවීමෙන් තමන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව වාකනේරි ගම් වැසියො කියති.

මඩකලපුව වාකනේරියේ සිංහල පවුල් 80ක 300කට ආසන්න පිරිසක් 2010 සිට ජීවත් වෙති.

“මහත්තයෝ අපේ උපන්ගම වාකනේරියයි.යුද්ධයත් එක්ක අපි මේ ගම අතහැරලා ඥාති නිවෙස්වලටත් අනාථ කඳවුරුවල ඉඳලත් 2010 දී නැවත පදිංචියට ආවා.මේ ගමේ සිංහල පවුල් 80ක් විතර දැනට පදිංචිව සිටිනවා.මිශ්‍ර පවුල් කිහිපයකුත් ඉන්නවා.නමුත් අපට පන්සලක් නැහැ.මේ ගමේ දරුවන්ට දහම් පාසල අහිමි වෙලා.පෝය දවසටවත් පන්සලට ගිහිං මලක් පූජා කර පහනක් දල්වා ආගමික කටයුතු කරන්න අපිට තැනක් නැහැ.ආපු අලුත හමුදා කදවුරු ඇතුළේ තියෙන බුදු පීළිමයට මල් තියලා පහන් පත්තු කරලා මේ ළමයින් බුදුන් වැන්දා.දැන් හමුදා කදවුරුත් නෑ.අපි එකතු වී මෑතකදී පන්සලක් හදාගත්තා.ඒකත් අන්තවාදී පිරිසක් එක රැයකින් කඩා විනාශ කළා.ඉස්සර අපේ පන්සල් භූමියේම තමා අපි එකතු වී පන්සල හැදුවේ. දැන් ඒ පන්සල් භූමිය වටකර අන්තවාදී පිරිසක් වැටක් ගහගෙන ඒ ඉඩම බලෙන් අල්ලාගෙන. ජනාධිපතිතුමාගෙන් වැඳලා ඉල්ලන්නේ අපේ ගමට පන්සලක් හදලා දීලා අපේ දරුවන්ට දහම් මගේ යන්න අවස්ථාව දෙන්න කියලා.අපිට සිල් සමාදන් වෙන්නවත් තැනක් නැහැ “යැයි වාකනේරි ගම්මානයේ මුල් පදිංචිකරුවකු වන හත්දරු පියෙකු වන හේවා ආරියරත්න මහතා පැවසීය.

වාකනේරී ගම්මානයේ සිංහල බෞද්ධ ජනතාවගේ ඉල්ලීම පිළිබදව අප නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී පැවසුයේ පන්සල ඉදිකළ භූමිය පිළිබදව පරීක්ෂණයක් කිරීමට පළාත් ඉඩම් අමාත්‍යවරිය ගොස් ඇති බවයි.පන්සලක් ඉදිකිරීම ගැන දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ හිමිනමක් මැදිහත් වී සිටින බවත් තමන්ට මෙය අදාළ නොවන බැවින් ඒ පිළිබදව පළාත් ඉඩම් ඇමතිවරියගෙන් හෝ දිඹුලාගල විහාරස්ථානයෙන් විමසා කරුණු දැනගන්නා ලෙසත් ඔහු කීවේය.

නැගෙනහිර පළාත් ඉඩම් ඇමතිනී ආරියවතී ගලප්පත්ති මහත්මියගෙන් මේ පිළිබදව දුරකථනයෙන් තොරතුරු විමසීමට උත්සහ දැරුවද එය අසාර්ථක විය.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ලේඛකාධීකාරී දේවගල දේවාලංකාර නාහිමියෝ මෙලෙස පැවසීය.

වාකනේරී සිංහල බෞද්ධයාට අද පන්සලක් නැහැ. දරුවන්ට දහම්පාසලක් නැහැ. ආගම ඇදහීමේ නිදහස නැහැ. ප්‍රදේශයේ අන්තවාදි පිරිසක් අපි හදපු පන්සල කඩා විනාශ කරලා. දැන ඒ ඉඩම කොටු කරගෙන මේ ගැටළුව ලිහා ගන්න අපිට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරතුමාත් ඉඩම් ඇමතිවරියක් උදව් කළා. නමුත් මේ විහාරස්ථානය ඉදිකරනවාට අන්තවාදී පිරිස් මටත් නිලධාරීන්ටත් බලපෑම්, තර්ජන කරනවා. මේවා මාධ්‍ය මගින් හෙළිදරව් කරලා ජනපතිතුමාගේ අවධානය යොමු කරවලා වාකනේරී සිංහල ජනතාවට පන්සලක් හදලා දුන්නොත් උතුම් ජාතික මෙහෙවරක්.

ලංකාදීප

vakaneri-001-1vakaneri-001-3vakaneri-001-3vakaneri-001-4

Related posts

ආණ්ඩුවට යමු කියා පසුපෙලින් දැඩි බලපෑම්.. කරන්නේ කුමක්දැයි හකීම්-බදියුදීන් එක්ව සාකච්චා..

colombotoday

” තේ වලට කාබනික පොහොර ගැලපෙන්නේ නෑ.වතුකර ජනතාවගේ රැකියා අහිමිවීමේ අවදානමක් තිබෙනවා “

colombotoday

ඇමෙරිකාවේ දෙවැනි ශ්‍රී ලාංකිකයාත් මිය යයි

colombotoday

බාල ප්‍රමිතියේ පිළිකා එන්නත් තොගයක් ගෙන්වලා.. මිලියන 986 ටෙන්ඩරය හිතවතෙකුගේ සමාගමට !

colombotoday

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයෝ වයස් අවුරුදු 07 දරුවෙක් මිනිස් බෝම්බයක් කරයි (Video)

colombotoday

ප්‍රසන්න, දිලුම් නෙරපයි.. SLFP සංවිධායකවරු 26ක් පත්කරයි

colombotoday