Colombo Today Local News

බලලෝභී නායකයන් ගෙදර ගිහින් ශ්‍රීලනිපය තරුණයන්ට බාරදිය යුතුයි.

බලලෝභී නායකයන්ට වැදගත්කමක් තියෙනවා නම් තමන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වී දූෂ්‍ය නොවූ පක්ෂයට ඇත්තටම ආදරය කරන ප්‍රතිපත්තිගරුක තරුණ පිරිසකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බාර දිය යුතු යැයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසන්නීය.

බලලෝභී, අදූරදර්ශි නායකයන්ට කවදාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ගොඩනගන්න නොහැකි බව කියන බණ්ඩාරනායක මහත්මිය එවැනි අය සමග කටයුතු කර තම වෙලාව නාස්ති කරන්න සූදානම් නැති බවද පවසන්නීය.

තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මෙසේද කියන්නීය.

මාධ්‍යවේදියෙක් පසුගිය දිනෙක මගෙන් ප්‍රශ්නයක් අසා තිබුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් ඔබතුමියට පක්ෂයට නැවත ආරාධනා කිරීමට සූදානම් බවක් ආරංචි වී තිබෙනවා. ඒ පිළිබඳ ඔබගේ අදහස කුමක්දැයි එම මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නයයි.

අපේ පක්ෂ නායකයෝ එදා පොහොට්ටුව සමග එකතු වුනේ තනිකරම බල තන්හාව නිසා. ඔවුන්ට පක්ෂය ගැන ආදරයක් නැහැ. දූරදර්ශීභාවයකුත් නැහැ. තනිකරම බල පෙරේතකම විතරයි තිබෙන්නේ.

මේ රජය කරන සෑම වැරදි ක්‍රියාවකටම මේ අයත් කොටස්කාරයෝ. මොවුන්ට එයින් ගැලවෙන්න බැහැ.යනුවෙන්ද චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනපතිනිය පවසන්නීය.

Related posts

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල රැළිය (සජීවීව)

colombotoday

උසස් පෙළ ප්‍රශ්න පත්‍රයක් එළියට… විභාග දෙපාර්තමේන්තුවෙන් තීරණයක්

Admin

ඒකාබද්ධ විපක්ෂ ජන රැළිය පැවැත්වෙන හයිඩ් පිටිය පුරා වල්වල් හාරති.. අළුත්වැඩියාවක්ලු !

colombotoday

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු නවතී.

colombotoday

කිලෝ 700 ක පුපුරන ද්‍රව්‍ය දෙමහල් නිවසේ සඟවාගත් මුස්ලිම් කඩ හිමියා ත්‍රස්තවාදී දේශන සහිත CD තැටි සමග මාට්ටු

colombotoday

නිවසට කඩා වැටුණු පස් කන්ද එකම පවුලේ සිව්දෙනාම බිලි ගනී

colombotoday