Covid 19

ඩෙල්ටා ප්‍රභේදයේ තවත් විකෘතියක් මෙරටින් සොයාගනී.

ඩෙල්ටා සැර කොරෝනා වෛරස ප්‍රභේදයේ ජාන විකෘතිතා (MUTATION ) හතරක් හඳුනාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රති ජීවවිද්‍යා සහ අණුක විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවැසුවාය.

මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය

මෙම විකෘතිතා හතර ඩෙල්ටා වෛරසයේ පැතිරීමට බලපාන ආකාරය ගැන සෙවීමට විශේෂ පරීක්ෂණයක් අරඹා ඇතැයිද ඇය කීවාය.

මෙම විකෘතිතා සම්බන්ධයෙන් ජනතාව කිසිසේත්ම කලබල විය යුතු නැති බව පැවසූ මලවිගේ මහත්මිය ඕනෑම වෛරසයක් වේගයෙන් ව්‍යාප්ත වෙද්දී මෙවැනි විකෘතිතා ඇතිවීම සාමාන්‍ය සංසිද්ධියක් බවද සඳහන් කළාය.

ඩෙල්ටා සැර කොරෝනා වෛරස ප්‍රභේදයෙන් මෙයට පෙර හඳුනාගෙන තිබුණේ විකෘතිතා තුනකි.

Related posts

23වන කොවිඩ් මරණය වාර්තා වෙයි.

colombotoday

අටුළුගම ආසාදිතයාගේ පියාට-සහෝදරියටත් කොරෝනා

colombotoday

වයඹ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කුරුණෑගල ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

colombotoday

දිවයිනේ ඕනෑම ප්‍රදේශයක කොරෝනා තිබිය හැකියි

colombotoday

කළුතර කොරෝනා ආසාදිතයින් 13න් 7ක්ම බේරුවලින්

colombotoday

නව ආසාදිතයින් 2,245ක්

colombotoday