Colombo Today Local News

“මගෙන් නාහා කැලෑ – පස් කැපුවොත් බලාගෙනයි“ ජනපති ග්‍රාමසේවක බලතල කරට ගනී !

mithrepala-sirisena-02

මින් ඉදිරියට පස් කැපීමේදී හා වනාන්තර හෙළි කිරීමේදී තමාගේ අනුමැතිය ලබාගත යුතු බවට නව නීති ගෙන එන ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පොලිතීන් ප්ලාටික් හා ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය නිවරණ සතිය ප්‍රකාශයට පත් කරමින් ඊයේ (20) පෙරවරුවේ මධ්‍යම පරිසර අධිකාරියේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.

පස් කැපීම සහ වනාන්තර හෙළි කිරීම පිළිබඳ දැනට තිබෙන ආයතනික ව්‍යුහය තුළ අදාළ සියලුම ආයතනවල අනුමැතිය හිමි වුවද අවසානයේ පරිසර අමාත්‍යවරයා ලෙස තමාගේද අනුමැතිය අවශ්‍ය බවට චක්‍ර‍ලේඛයක් ඉදිරියේදී නිකුත් කරන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

දිවයින පුරා අක්‍රමවත් අයුරින් සිදුවන පස් කැපීම්, වනාන්තර හෙළි කිරීම් සහ වැලි ප්‍රවාහනය පිළිබඳ තොරතුරු තමාට ලැබි ඇති බවත් පරිසරයට විනාශයක් සිදු කරමින් කරගෙන ගිය බොහොමයක් කටයුතු තම මැදිහත්වීමෙන් නැවැත්වීමට පියවර ගත් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

Related posts

ETF, EPF කොල්ලෙට සහ අසාධාරණ බදු පැනවීම්වලට එරෙහි විරෝධතාවයට අධිකරණ නියෝගයක්

Admin

සරසවි ප්‍රවේශය සදහා සිසුන් ලියාපංදිචිය අද සිට අරඔයි

colombotoday

ඇඳිරි නීතිය කඩකළ 302ක් අත්අඩංගුවේ

colombotoday

රාජිතගේ ටිකට් කපන්න ලංකාවෙන් 140ක් ගිහින් ! ටිකට් කැපූ රාජිත යාබද සුපිරි නිවාස සංකීර්ණයක විවේක සුවෙන්

colombotoday

Video: 4 වෙනිදා රෑ 9ට සම්මුතිවාදී ආණ්ඩුව ඉවරයි – ලක්ෂ්මන් යාපා කියන කතාව

colombotoday

බෲනෝ දිවාකරට ඇප

Admin