Colombo Today Local News

“ඇවන්ගාඩ් අවි නැව ගැන රාජිත කීවේ පට්ටපල් බොරු“ රජයේ රස පරීක්ෂක නිලධාරී සංගමය තහවුරු කරයි

rajitha-avangurd

ඇවන්ට්ගාඩ් නෞකාවේ ගබඩා කර තිබූ අවි ආයුධ එකිනෙක ගැටීමෙන් එහි අංක මැකී ඇති බවට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,අමාත්‍ය රාජිත සේනාරත්න කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බව රජයේ රස පරීක්ෂක විද්‍යාත්මක සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඩී.එච්.එල්.ඩබ්ලිව් ජයමාන්න මහතා පවසයි.

එම අවි ආයුධ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක වාර්තාව මේවන විට අධිකරණයට යොමුකර ඇති බවත්,එම වාර්තාවේ කිසිදු තැනක අමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදි එහි අවි අංක මැකී ඇති බවට කිසිදු සටහනක් නොමැති බව හෙතෙම සඳහන් කළේය.

අදාළ වාර්තාව තවමත් අධිකරණයේ අවධානයට හෝ ලක්නොවුණු තත්ත්වයක් තුළ ඒ පිළිබඳ අසත්‍ය කරුණු ප්‍රකාශයට පත්කිරීම පිළිබඳ තමන් කනගාටුවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය

Related posts

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මැතිවරණ කොමිසමේ හූල්ට චෝදනා

colombotoday

දුලිප් වෙදරච්චි කළු සාටකයක් පැළඳ මැතිසබයට එයි

Admin

අගමැතිට ඉල්ලා අස්වෙන්නැයි දන්වයි – ජනපති මැදුරේ තීරණාත්මක සාකච්ඡාවක්

colombotoday

බිත්තර හා කුකුළු මස් මිල ගැන කඩිනම් විමර්ශනයක්

colombotoday

අයිපල් කුළුණේ ආලෝකය නිවී යයි… ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ප්‍රංශය ශෝක වෙයි….

colombotoday

බෑනාගෙන් පහරකෑ මාමා මරු දකී

Admin