Covid 19

නුවරඑළිය මහ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙක් ඇතුළු 23 දෙනෙකුට කොවිඩ්

නුවරඑළිය මහ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුළු 23 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂකවරයා පැවසිය.


එම රෝහලේ වෛද්‍යවරුන් 03 ක් , හෙදියන් 13 ක් , කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 07 කට මෙසේ කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවයි අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.

අසාදිත වෛද්‍යවරුන් , හෙදියන් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු රෝහලේ කොවිඩ් වාට්ටුවල නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, සෙසු අසාදිතයන් ඔහුන් පදිංචි නිවාස වලම නිරෝධායනය වි ඇති බවයි අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.

දැනටමත් නුවරඑලිය මහ රෝහලේ වෛද්‍යවරුන් සහ සේවකයන්ගේ අඩුවක් පවතින බවත්, කොවිඩ් 19 වෛරසය අසාදනය වු වෛද්‍යවරුන් , හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 23 දෙනා නොමැතිව දැනට සේවයේ යෙදි සිටින අයගෙන් රෝහලේ කටයුතු සිදු කරගෙන යන බවත්, රෝහලේ සියළුම වෛද්‍යවරුන් , හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයට කොවිඩ් 19 මර්ධන එන්නත ලබා දි ඇති බවද අධ්‍යක්ෂකවරයා පැවසිය.

හැටන් – රංජිත් රාජපක්ෂ

Related posts

ඉන්දීය මහ බැංකු අධිපතිටත් කොරෝනා වැළඳෙයි

colombotoday

තවත් කොවිඩ් මරණ 10ක්

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 185 දක්වා ඉහළට

colombotoday

වටවල ඇඟලුම් කම්හලකිනුත් කොවිඩ් ආසාදිතයින් දස දෙනෙක් හමුවේ

colombotoday

ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඇමෙරිකාවෙන්

colombotoday

ඊයේ නව කොවිඩ් ආසාදිතයින් 551 ක් – කොළඹ ආසාදිතයින් ගණන 17000 ඉක්මවයි

colombotoday