Colombo Today Local News

රේගුවේ ඵලදායීතාවය නැංවීමට ජනාධිපති පරීක්ෂණ කොමිසමක්

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වත්මන් තත්ත්වය අධ්‍යයනය කර එහි ඵලදායීතාවය නැංවීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කර තිබේ.

රේගුවට එරෙහිව නැගෙන විවිධ චෝදනා සහ සිදුවෙතැයි සැලකෙන අක්‍රමිකතා වළක්වා ගනිමින් කාර්යක්ෂම හා ඵලදායී සේවා සැපයීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම කොමිසමට පැවරේ.

තොරතුරු තාක්ෂණ උපයෝගීතාව තුළ ආරක්ෂාව හා නිරෝධායන නීති රීති අවධානයට ගනිමින් රේගුවේ කාර්යයන් විනිවිදභාවයෙන් යුතුව සිදුකිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම එම කොමිසමට පැවරෙන තවත් වගකීමකි.

මහජනතාවගේ සහ වෙනත් පාර්ශ්වයන්ගේ අදහස් කැඳවීමට ද, රේගු වෘත්තීය සමිති ඉදිරිපත් කර ඇති යෝජනා සමාලෝචනයට ලක් කිරීමට ද ජනාධිපතිවරයා එම කොමිසමට නියෝග කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ඇන්තනි ගුණරත්න මහතා එම කොමිසමේ සභාපති ධූරයට පත් කරනු ලැබ සිටී.

අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු, මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති කේ. එම්. එම්. සිරිවර්ධන,ජ්‍යෙෂ්ඨ උපදේශක (වෙළෙඳ) ආචාර්ය සනත් ජයනෙත්ති සහ ශ්‍රී ලංකා රේගුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී. ඒ. ඩයස් යන මහත්වරු එම කොමිසමේ සෙසු සාමාජිකයෝ වෙති.

Related posts

“අගමැති ඉල්ලා අස්වෙනවානම්, මාත් ඉල්ලා අස්වෙන්න ලෑස්තියි” – ඌව මහඇමතිගෙන් කොන්දේසියක්

colombotoday

“අලුත්කඩේ නඩුකාරයා කුඩුකාරයෙක්” – නියෝජ්‍ය ඇමති රන්ජන්

colombotoday

‘අන්තර්ජාලෙන් මාව පට්ට ගහපුවාවේ, සංස්කෘතිය වනසන්න ඉඩ තියන්නෙ නෑ’ – ජනපති

colombotoday

මහ සගරුවනේ ඉල්ලීමත් නොසැළකේ.. මහින්දගේ හමුදා ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඉවතට

colombotoday

විදෙස්ගත ශ්‍රමිකයන්ට තීරුබදු රහිත වාහනයක් සහ දායකත්ව විශ්‍රම වැටුපක් !

colombotoday

එංගලන්තයේ හිද ආ පස්දරු මව කපා යතුරු පැදියක දමාගෙන ගිහින් කිඹුලන්ට කන්න දැමු බව අනාවරණය වෙයි

colombotoday