Colombo Today Local News

මෛත්‍රී නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (24)දින පස්වරුවේ කැඳවා තිබේ.

එම පක්ෂයේ ප්‍රධානියෙක් සඳහන් කළේ හෙට (25) දිනයේදී පක්ෂයේ විධායක සභාව කැඳවීමට සුදානමින් සිටින නිසා එහිදී ඉදිරිපත් කිරීමට නියමිත කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වීමට නියමිත බවයි.

හෙට (25)දින පස්වරු 5ට කොළඹ ප්‍රධාන හෝටලයක දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව රැස්වීමට නියමිතයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ අතර මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව නඩු පැවරීමට ඇති හැකියාව සොයා බලන ලෙස ද සඳහන් කර තිබූ අතර මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ එවන් වාතාවරණයක් තුළයි.

Related posts

නීතිවිරෝධී ගිනිඅවි සමග දෙදෙනෙක් අල්ලයි

colombotoday

ත්‍රිකුණාමලය මාළු වෙළෙද සංකීර්ණයේ 06 දෙනකුට කොරෝනා

colombotoday

ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින්ට ජනපතිගෙන් හදිසි කැඳවීමක් !

colombotoday

“එජාපය හා එක්වී ශ්‍රීලනිප නිර්මල ප්‍රතිපත්ති රකිනවා.. අවුරුදු දෙකකින් රට හදා පෙන්වනවා” – චන්ද්‍රිකා

colombotoday

“පාස්කු ප්‍රහාරයට මම වැරදිකාරයෙක් නොවෙයි” – හිටපු ජනපති මෛත්‍රිපාල කියයි

Admin

මත් උවදුරෙන් දරුවන් මුදාගැනීමට දරුවන්ට පවුරක් බැදි “පවුර”

Admin