Colombo Today Local News

අතින් ‘කුඩු’ දමා පුද්ගලයන් උසාවි ගේන පොලිසියට වැඩ වරදී

අතින් ‘කුඩු’ දමා නිදොස් පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට ජාතික පොලිස් කොමිසම පියවර ගෙන තිබෙනවා.

ඒ පොලිස් කොමිසමට මේ සම්බන්ධයෙන් දිනපතා ලැබෙන මහජන පැමිණිලි පිළිබඳව කළ විමර්ශනයකින් පසුවයි.

පොලිසිය සමග වාද විවාද කරගන්නා අවස්ථාවලදී හෝ පොලිසිය සමග ගැටෙන අවස්ථාවලදී ‘කුඩු’ හෝ ‘ගංජා’ වැනි මත්ද්‍රව්‍ය දමා අත්අඩංගුවට ගත් පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කිරීම පිළිබඳව ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි රැසක් ලැබෙන බව වාර්තා වනවා.

මෙලෙස මත්කුඩු ‘දමා’ පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කිරීමේ සිද්ධීන් පහක් පමණ මේ වන විට විමර්ශනය කරන බව පවසන ජාතික පොලිස් කොමිසම මෙවැනි ක්‍රියාවල යෙදෙන නිලධාරීන්ට එරෙහිව සිදුකරන විමර්ශනවල ප්‍රගතිය පොලිස්පතිවරයාට හා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කිරීමටද නියමිතයි.

ගොකරැල්ල ප්‍රදේශයේ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි පාසල් සිසුවකුට මෙලෙස මත්කුඩු දැමීමේ සිද්ධියක් වාර්තා වී ඇති අතර එම ශිෂ්‍යා රිමාන්ඩ් බන්ධනාගාර ගතවීම නිසා ඔහුට උසස් පෙළ විභාගයට පෙනී සිටීමටද නොහැකිවී ඇති බව සඳහන්.

මේ අතර සීදුව පොලිසියේ නිලධාරීන් සමඟ වචන හුවමාරුවක යෙදුණු එක්තරා පූජකවරයකුටද මත්කුඩු දමා අධිකරණයට ඉදිරිපත් කිරීමේ සිද්ධියක් ගැනද විමර්ශන අරඹා තිබෙනවා.

මෙම ක්‍රියාවලිය මේ වන විට නව ප්‍රවණතාවක් වී ඇති අතර මෙය නතර කරලීම සඳහා මෙවන් ක්‍රියාවල යෙදෙන පොලිස් නිලධාරීන්ට එරෙහිව විමර්ශන සිදුකර විනයානුකූල පියවර ගැනීමට ජාතික පොලිස් කොමිසම් සභාව පොලිස්පතිවරයා වෙත නිර්දේශ කර තිබෙනවා.

Related posts

හල්දුම්මුල ප්‍රාදේශීය ලේකම් වරයා අත්අඩංගුවට

colombotoday

“ජාතික ආණ්ඩුව අස්ථාවර නොකරනු“ – සම්බන්ධන් ජනපතිට කියයි

colombotoday

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය කඩිනමින් විවෘත කරනවා

colombotoday

අමරපුර මහා නිකායත් නව ව්‍යවස්ථාවට එරෙහි වෙයි.. උත්තරීතර මහානාහිමියන්ගෙන් නිවේදනයක්

colombotoday

කිරුළපන මාර්ගය ජලයෙන් යට වෙයි

colombotoday

කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කළ 112 ක් දිවයිනට

colombotoday