Colombo Today Local NewsNew Constitution

“අලුත් ව්‍යවස්ථාවෙන් අපි රට ෆෙඩරල් කරනවා“ – ජනපති, අගමැති නොකියන දේ මංගල කියයි

mangala-samaraweera

වත්මන් රජය විසින් සකස්‌ කරන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව ශ්‍රී ලංකාව නොබෙදුණු එක්‌සත් රාජ්‍යයක්‌ බවට පත් වන බව විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා පැවසීය.

මෙම එක්‌සත් රාජ්‍යය තුළ ජාති, ආගම් වශයෙන් නොබෙදී සියලු දෙනාට එකට ජීවත් විය හැකි පරිසරයක්‌ ගොඩනඟන බව පැවසූ විදේශ ඇමැතිවරයා මෙම නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා කෙටුම්පත බහුතර ඡන්දයෙන් සම්මත කරගෙන ක්‍රියාත්මක කරන බවද කීවේය.

ෆෙඩරල් රාජ්‍යයක්‌ ලෙස හඳුන්වන්නේත් නොබෙදුණු එක්‌සත් රාජ්‍යයක්‌ බව සඳහන් කළ විදේශ ඇමැතිවරයා 1997 වසරේදී හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජය යටතේ එවකට ව්‍යවස්‌ථා කටයුතු පිළිබඳ ඇමැතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ජී. එල්. පීරීස්‌ මහතා ඉදිරිපත් කළේත් ෆෙඩරල් රාජ්‍යයක්‌ සඳහා වූ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන කෙටුම්පතක්‌ බවද කීය.

ඇමැතිවරයා මෙම තොරතුරු පැවසූවේ පෙරේදා (25 වැනිදා) සවස විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

Related posts

මත්ද්‍රව්‍ය ජාවාරමකින් උපයාගත් රුපියල් මිලියන 56ක්

colombotoday

LTTE ත්‍රස්තයන්ගේ ක්‍රමයට අවමඟුල් උත්සවයක් නොර්වෙහිදී

colombotoday

රටේ මීළග නායකයා රාජිතයි.! “රට බාරගන්න සූදානම්වෙන්නැයි මට දැන්වුවා” – රාජිත

colombotoday

මත්කරල් 490 ක් සමඟ අයෙක් අල්ලයි

Admin

උමා ඔය කැබිනට් යෝජනාව අනුර දිසානායකගේ… හෙළි නොවූ රහසක් හෙළිවෙයි !

colombotoday

සමගී ජනබල වේගයෙන් නාම යෝජනා ලබා ගත් 54ක් එජාප යෙන් නෙරපයි

colombotoday