Colombo Today Local News

ප්‍රචන්ඩ රැල්ල නොනවතී.. “ආවා“ට අමතරව උතුරේ තවත් පාතාල කල්ලි 5ක් !

awaa-jaffna

ආවා පාතාල කල්ලියට අමතරව උතුරේ තවත් පාතාල කල්ලි 5ක් ක්‍රියාත්ක වන බව ආරක්ෂක අංශ පවසයි.

නිමලන්, ජූඩ්, දිල්ලූ, පහීන්ල, සන්නා යනුවෙන් එම කල්ලි ක්‍රියාත්මක වන අතර “ආවා“ කල්ලිය මෙහෙයවන්නේ විනෝදන් නමැත්තෙකු බවට හදුනාගෙන තිබේ.

2013 වසරේ නිවසකට කඩාවැදී පුද්ගලයෙකුට කඩුවකින් පහරදීමේ චෝදනා මත ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවද අනාවරණ වී ඇත.

2009 වසරේ යුද්ධය නිමා වීමෙන් පසුව උතුරු පළාත තුළ පාතාල කල්ලි මෙලෙස හිසඑසවීමට පටන්ගෙන ඇති අතර දකුණු ඉන්දීය චිත්‍රපටවල ආභාෂය ද මීට බලපා ඇති බව ආරක්ෂක අංශ පවසයි.

යුද්ධයෙන් පසු උතුරු පළාතේ මූල්‍ය ආයතන රැසක් පිහිටුවා තිබේ. එම මූල්‍ය ආයතන මගින් ලබාදෙන ණය පහසුකම් මත වාහන මිලදී ගෙන අදාළ ණය ගෙවීම් පැහැරහරින පුද්ගලයින්ගෙන් එම වාහන බලහත්කාරයෙන් රැගෙන ඒමට මෙම පාතාල කල්ලි යොදාගෙන ඇති බවද අනාවරණ වී ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇත.

මේ අතර යාපනයේ ඇතිව තිබෙන ප්‍රචන්ඩකාරී රැල්ල මේ වනවිටත් නැවතී නොමැති බව උතුරේ ආරංචි මාර්ග පවසයි. ඊයේ දිනයේදී යාපනය කරෙයිනගර්හි අනායිකොට්ටායි හි දී හදුනානොගත් පිරිමි කණ්ඩායමක් යතුරුපැදි කිහිපයකින් පැමිණ සමාජ ශාලාවල සිටි තරුණ පිරිසකට පහරදී ඔවුන්ගේ යතුරුපැදිවලට හානි කර ඇතැයි පොලිසිය කියයි. ප්‍රහාරයෙන් තරුණයන් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. මේ අතර ගුරුනගර්හි දී බස් රියකට ගල් ප්‍රහාර එල්ල වී ඇතැයිද පොලිසිය කියයි.

Related posts

වික්‍රමසිංහ දිවුරුම් දුන් දා සිට අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීම් හරහා විරෝධතා මැඩලීමට උත්සාහ කරමින් සිටිනවා.

colombotoday

“ශ්‍රී ලංකාව තුළ MCC ගිවිසුම ළඟදීම ක්‍රියාත්මක කරනවා”– ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්

colombotoday

ශ්‍රිලනිප ඇමතිවරු ඉල්ලා අස් වෙති

colombotoday

ජනපතිගේ අමාත්‍යාංශයට එරෙහිව බුද්ධික FCIDයයි

colombotoday

අදත් ප්‍රදේශ කිහිපයකට කැස්බෑ සිරුරු ගොඩ ගසයි

colombotoday

මත්පැන් මිල වැඩිවේ

colombotoday