Colombo Today Local News

හැදුවොත් ගඩොලින් ගඩොල ගලවනවා.. ශ්‍රීපාදයේ ඉදිකිරීම් කරන අරාබි සමාගම ගැන ඤාණසාර හිමි හෙළිකරයි

ganasara-thero4512

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමක් මගින් ඉදිකිරීමට නියමිත හෝටලය හෝ එම ඉදිකරීම් සිදු කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බවත්, යම් හෙයකින් ඉදිකිරීම් කටයුතු සිදුකළහොත් ගඩොලින් ගඩොල ගලවා දමන බවත් බොදු බල සේනා සංවිධානය පවසයි.

ශ්‍රීපාද රක්ෂිත මායිමේ සිදුවන ඉදිකිරීමක් සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළබදව අද (01) පැවැත්වූ මාධ්‍ය හමුවකදී බොදු බල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ මේ බව කියා සිටියේය.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඤාණසාර හිමියන් අදාළ ඉදිකිරීමට සම්බන්ධ අරාබි සමාගම පිළිබදව  හෙළිදරව් කර සිටි අතර මධ්‍යම කදුකරයේ ඉඩම් අත්පත් කරගැනීම පිටුපස සැලසුම් සහගතව ක්‍රියාත්මක වන ඇමතිවරයෙකු පිළිබදවද හෙළිදරව් කර සිටියහ.

උන්වහන්සේ දැක්වූ අදහස් වැඩිදුරටත් පහත පරිදිය.

ශ්‍රීපාද අඩවියේ ඉදිකිරීම් කරන අරාබි සමාගමේ පැටිකිරිය

අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ නල්ලතන්නිය පොලිස් වසමට අයත් මරේ ග්‍රාමසේවා වසමේ පිහිටි “ෆික්ෆිල්ඩ්” වත්තේ හෝටලයක් ඉදිකිරීමේ අරමුණින් ඊට අවශ්‍ය ගබඩා කිහිපයක් ඉදිකිරීම සදහා මූලික සැලසුම් සකස්කර ඇත.

ඔප්පු අංක B/103/23/ යටතේ ඇති මෙම ඉඩම අක්කර 83යි රූඩ් 2කින් සමන්විතය. 2012/10/19 වන දින අංක 9378 යටතේ ගම්පොල ඉඩම් සහ දිස්ත්‍රික් කාර්යාලය මගින් පත්තිරු ලබා දී ඇත.
මෙම වත්තේ වතු කළමනාකාර ලෙස වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන දිල්ෂාන් සේනාරත්න නැමැත්තෙක් කටයුතු කරමින් සිටියි. මෙම ඉඩමේ මුල් අයිතිය දිල්ෂා ඉන්වෙස්ට්මන්ට් ආයතනය සතුව තිබී ඇති අතර පසුව අංක 335, කුඩා රත්වත්ත මාවත, මහනුවර පදිංචි කොහොඹගේ වලවුවේ මොහොමඩ් සවාවි ඔඩයාර් නැමැත්තෙකුටත් තෙවනුව අංක 43 ස්ටීල් පාර, දන්තුරේ, ගාල්ල පදිංචි තන්තිරි මුදියන්සේලාගේ දොන් ඇන්තනි ෂේන් තන්තිරි මුදලිගේ යන අයට අයිතිව තිබී ඇත.

පසුව අංක 37, පළමු මහා විද්‍යාල මාවත, කොළඹ 3 ලිපිනයේ පිහිටි ADCG Property Investment Pvt (Ltd) ආයතනය මිලදීගෙන ඇත. පසුව ඉහත සමාගම විසින් අංක 436 සි, ගෝවින්ද, පිළිමතලාව ලිපිනයේ පදිංචි ලහිරු ප්‍රසන්න පිටවලගේ යන අයට ගොඩනැගිල්ලක් ඉදිකිරීම සදහා භාරදීමට සැලසුම් අනුමැතියක් ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්දයෙන් 2016/04/05 දින අඹගමුව ප්‍රාදේශීය සභාවේ ලේකම් සරනවබවන් මහතා වෙත නිවාස සහ නගර සංවර්ධන ආඥා පනතේ 6(2) වගන්ති ප්‍රකාරව ඉල්ලුම්පතක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව අඹගමුව ප්‍රාදේශීය සභාව මගින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරික්ෂාව සදහා ඉහත සැලසුම යොමුකර ඇති අතර එම සංවිධානය විසින් මෙම ස්ථානය පරික්ෂාකර අංක NBRO/31/NE/ABP/LB/16/4866 යටතේ 2016/04/26 දින අනුමැතිය ලබාදී ඇත.(මෙම අනුමැතිය ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දිස්ත්‍රික් නිලධාරී සමන්ත බෝගහපිටිය මහතා විසින් ලබා දී ඇත)

අදාළ වත්තේ හිමිකාරිත්වය දරන ADCG Property Investment Pvt (Ltd) ආයතනයේ ප්‍රධාන සමාගම අබුඩාබි සිට ක්‍රියාත්මක වන Abu Dhabi Capital Group වන අතර එම ආයතනය Al Ain Properties නමැති සමාගමක් සමග ලංකාවේ දේපල වෙලදාම් කටයුතුවල නිරතවෙමින් සිටියි. Abu Dhabi Capital Group හී ප්‍රධානත්වය දරන Jassim Alseddiqi නැමැත්තා සතුව Abu Dhabi Financial Group නමින් තවත් ආයතනයක් ඇත. එම ආයතනය ඊජිප්තුව ඇතුළු මුස්ලිම් රටවල් මුලික කරගනිමින් ක්‍රියාත්මකවන අතර සුප්‍රසිද්ධ මුස්ලිම් ව්‍යාපාර සහ ආයෝජන කටයුතු සදහා මුදල් සැපයීමද සිදු කරනු ලබන අතර ඉස්ලාමී ආගමික ප්‍රවර්ධනය සදහා අරමුදල් සැපයීමද සිදුකරනු ලබයි.. එම ව්‍යාපාර ජාලය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Etisalat Telecommunications සමාගමේද ආයෝජන හවුල්කරුවකු වන අතර ශ්‍රීපාද රක්ෂිත මායිමේ ඉදිකිරීමට එම සමාගම සම්බන්ධ වන්නේ ඒ හරහාය.

කෙසේ වෙතත් එක්සත් අරාබියේ ADCG මව් සමාගම වෙනුවෙන් මෙරට පෙනී සිටින ADCG Property Investment Pvt (Ltd) සමාගම පිහිටුවා ඇත්තේ අදාළ ඉඩම මිළදී ගැනීමෙන් පසුව වන අතර එම සමාගමේ මෙරට ලියාපදිංචිය සම්බන්ධයෙන් වූ ලිපි ගොණුව “සමාගම් මැදුරෙන්“ අතුරුදන්ව ඇති බවද වැඩිදුර තොරතුරු සොයා බැලීමේදී දැනගන්නට ලැබිණි.

 

Related posts

බාධක රැසක් මැද විමල්ගේ දියණියත් සා/පෙළ ඉහළින් දිනයි.. A-9 යි..

colombotoday

ලංකාවේ ඉදිවන අවසන් විශාලතම ජල විදුලි බලාගාරයේ වැඩ කඩිනම් කරන්න ඇමතිගෙන් උපදෙස්.

colombotoday

රාජ්‍ය ආයතන 7ක් එකවැර විකුණා දැමීමට රජය තීරණය කරයි !

colombotoday

බැඳුම්කර කොමිසන් වාර්තාවෙන් මට චෝදනා නෑ

colombotoday

උසස් පෙළ විභාගය ප්‍රමාද විය හැකියි – අධ්‍යාපන ඇමති

colombotoday

වරායේ සේවකයන් දෙදෙනකුට කොරෝනා.. පැත්තක් වසා දමයි

colombotoday