Colombo Today Local News

වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්නැයි, අගමැතිගෙන් නියෝග

වරාය තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්නැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ, ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා මෙම නියෝගය නිකුත් කළ බවයි.

ජනතාවගේ ජීවන වියදම් පිළිබඳ අවාධනය යොමු කරමින් අග්‍රාමාත්‍යවරයා ආනයන අපනයන පාලක ජනරාල්වරියට සහ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට මෙම නියෝගය නිකුත් කර තිබේ.

Zoom තාක්ෂණය ඔස්සේ අද (24)ඉන රැස්වූ ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා රැස්වීමේදී අදහස් දක්වමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට දැනුම් දී ඇත්තේ, එලෙස නිදහස් වන ආහාර ද්‍රව්‍ය කඩිනමින් සතොස සහ අත්‍යාවශ්‍ය ආහර ආනයනකරුවන් හරහා ජනතාවට බෙදා හැරීමට කටයුතු කරන ලෙසයි.

සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව වෙළෙඳපොළට නිකුත් කිරීමේ වගකීම වෙළෙඳ අමාත්‍යංශයේ සහ කෘෂිකර්ම නිලධාරීන් විසින් දැරිය යුතු බව ද එහිදී අවධාරණය කර තිබේ.

Related posts

ටෙක්නිකල් හන්දිය අසල පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර උණුසුම් තත්ත්වයක්

Admin

වසන්ත ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි.. වඩිවෙල් සුරේෂ් නැවතත් එජාපයට

colombotoday

කුඩු ජාවාරම්කරු මොහොමඩ් සිද්ධික් ඇතුළු 5 දෙනෙක් නිදොස් කොට නිදහස්

colombotoday

WhatsApp අලුත් වෙයි : නව විශේෂාංග 3ක්..

Admin

නව ව්‍යවස්ථා සංශෝධනය ජනවාරී 8 කුමන්ත්‍රණයේ දිගුවක් – ආචාර්ය ගුණදාස අමරසේකර

colombotoday

කොටි සැකකරුවන්ට ඇප දෙනවාද? නැද්ද? තීරණය නීතිපති අතේ

colombotoday