Colombo Today Local News

රට වෙනුවෙන් කොටියාට වම් ඇස දුන් රණවිරුවාගේ දකුණු ඇසටත් කදුළුගෑස් ප්‍රහාරයෙන් හානි

2332ffඑල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් එල්ල කළ මෝටාර් ප්‍රහාරයකින් වම් ඇසෙහි පෙනීම අහිමි වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ 9 වන ගැමුණු හේවා බළඇණියේ විශ්‍රාමික ආබාධිත ලාන්ස් කෝප්‍රල් නිශාන්ත මහිරාජ් පෙරේදා එල්ල වූ කදුළු ගෑස් ප්‍රහාරයට ලක්වුණා.

එහිදී පෙනීම හොඳට තිබූ ඔහුගේ දකුණපස ඇසටද බරපතළ තුවාල සිදු වී ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ රණවිරුවාට අක්ෂි සැත්කමක් සිදු කළ බව ජාතික අක්ෂි රෝහ‍ලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය නිලන්ති ප්‍රනාන්දු සඳහන් කළ බවයි වාර්තා වන්නේ. එම සැත්කම සාර්ථකව සිදු කළ බවත්,දින කීපයකට පසුව එම ඇසෙහි පෙනීම සම්බන්ධයෙන් ප්‍රකාශ කළ හැකි බවත් ඇය සඳහන් කර තිබෙනවා.

මේ වන විට නිශාන්ත මහිරාජ් කොළඹ අක්ෂි රෝහ‍ලේ 12 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

Related posts

විමල්ගේ අයියා FCID අත්අඩංගුවට ගනී

colombotoday

ඥාණසාර හිමියන් රෝහල්ගත කරයි.. සැත්කමකට ලක්වෙයි !

colombotoday

ගෙලට පිහියකින් පහරදී පුද්ගලයෙක් මරා දාලා

colombotoday

යුද්දෙට බයේ මහින්ද, ගෝඨාභය හෝ මම රටින් පැන ගියේ නෑ – හිටපු හමුදාපති ෆොන්සේකා ජනපති සිරිසේනගේ නිව්යෝක් ප්‍රකාශය පතුරු ගහයි

colombotoday

පාස්කු වාර්තාවේ සංවේදී තොරතුරු සහිත ඉතිරි වෙළුම් 22ත් නීතිපතිට

colombotoday

බැදුම්කර වාර්තාවට අගමැතිගෙන් ප්‍රශංසා

colombotoday