Colombo Today Local News

“උතුරේ දෙමළ ජනතාවගේ ගැටළු විසදීම මගේ යුතුකමක්“ – ජනපති

mithrepala

උතුරේ දෙමළ ජනතාවගේ ගැටලූ විසදීම තම යුතුකමක් ලෙස සලකන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඉන්දියාවේ හින්දු පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතියරයා කියාසිටියේ උතුරේ දෙමළ වැසියන්ගේ ගැටලු විසඳීම තමාට පැවරුණු වගකීමක් නොව යුතුකමක් ද වන බවයි.

නිදහස ලැබීමෙන් පසු දකුණේ නායකයන් උතුරේ සංචාරය කළේ කලාතුරකින් වුවත් පසුගිය මාස 22 දෙක තුළ තමා 11 වතාවක් උතුරේ සංචාරය කළ බව කී ජනාධිපතිවරයා එම සංචාරයන්හිදී එහි ජනතාව සමග සාකච්ඡා කොට ඍජුව ඔවුන්ගේ අදහස් විමසූ බව ද කියාසිටියේය.

තමාට උතුරේ ජනතාව අතුරෙන් 90% ක් ඡන්දය ප්‍රකාශ කළ බවත් ඒ තමා ඔවුන්ගේ ගැටලූ විසදනු ඇතැයි යන අපේක්ෂාවෙන් බවත් ජනාධිපතිවරයා හින්දු පුවත්පතට ප්‍රකාශ කළේය.

සංහිදියාව දින කිහිපයකින් ඇතිකළ හැකි කාරණයක් නොවන බව කී ජනාධිපතිවරයා නව ව්‍යවස්ථාව මගින් සියලූ ජන ප්‍රජාවන් අතර, සංහිදියාව ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව මෙහිදී අවධාරණය කළේය.

එහිදී දකුණේ සිංහල – බෞද්ධ බහුතර ජනතාව ද තෘප්තිමත් විය යුතු බවත් ඔවුන්ගේ එකගත්වයකින් තොරව සාර්ථක සංහිඳියා ක්‍රියාවලියක් ක්‍රියාත්මක කළ නොහැකි බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මේ හේතුන් නිසාවෙන් සංහිදියා ක්‍රියාවලිය සිංහල, දෙමළ, මුස්ලිම් සහ අනෙකුත් ජනකොටස්වලට පිළිගත හැකි යාන්ත්‍රණයක් විය යුතු බවද එය පහසු කාර්යයක් නොවුණ ද එම අභියෝගය ජය ගත යුතු බව ද ජනාධිපතිවරයා සදහන් කළේය.

නැවත කිසිලෙසකින් හෝ රට තුළ ගැටුම්කාරි වාතාවරණයක් ඇතිවීමට ඉඩ නොදිය යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.

Related posts

කර්මාන්තශාලාවක යන්ත්‍රයකට හිස සිරවී පුද්ගලයෙක් මරුට

colombotoday

තුර්කියේ ඉස්ලාම් ත්‍රස්තයන් ලංකාවේ ජාතයන්තර පාසලක ආයෝජනය කරලා…

colombotoday

අඩු ආදායම්ලාභී පාසල් සිසුන්ට වියළි ආහාර

colombotoday

ආණ්ඩුවට මෙතරම් බලය දීලා තියෙන්නේ ජනතාවගේ මනස විකෘති නිසා

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් හෙළි කරගත් තවත් අයිස් කිලෝ 2ක් වත්තලදී අල්ලයි

colombotoday

කරන්දෙණිය උප සභාපති වෙඩි තබා මරා දමයි

colombotoday