Colombo Today Local News

“සංඝයාවහන්සෙ බුද්ධාගමෙන් ආබාධිත වෙලා“ අගමැතිගේ කතාවෙන් පාර්ලිමේන්තුව ගිනියම්

rni33

ජනධිපති ලේකම් කාර්යාලය අසලදී ආබාධිත රණවිරුවන්ට පහරදීම සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණා.

විශ්‍රාම වැටුප ඉල්ලා උද්ඝෝෂණය කළ ආබාධිත රණවිරුවන් පිරිසකට ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී පොලිසිය විසින් පහර දුන් බව පවසමින් ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ස්‌ථාවර නියෝග යටතේ කළ විශේෂ ප්‍රකාශයට පිළිතුරු දුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය.

මමත් මේ කාරණාව ගැන සොයා බලනවා. මේ පිළිබඳව සාකච්ඡාව තිබුණේ ආරක්‌ෂක අමාත්‍යාංශයේ. ඒ සාකච්ඡාවේදී ඉල්ලා තිබූ සියලුම ඉල්ලීම් ලබාදුන් පසු කොහොමද මේ සිද්ධිය ඇතිවුණේ කියලා සොයා බලන්න ඕනේ. එතැනට ආබාධිත සංඝයා වහන්සේලා ආවේ කොහොමද කියන එකත් විශාල ප්‍රශ්නයක්‌. ආබාධිත කියන්නේ බුද්ධාගමෙන් ආබාධිත වෙලා. මෙහෙම රණවිරුවන්ට හිරිහැර කළ පොලිස්‌ නිලධාරීන් ඉන්නවා නම් ඔවුන් ඉවත් කිරීම ගැන අපේ අවධානය යොමු කරනවා. සරත් ෆොන්සේකා හිරේ දාන වෙලාවේ මේ සංඝයා වහන්සේලා කවුරුවත් හිටියේ නෑ. එහෙම කරනවා නම් සරත් ෆොන්සේකා හිරේ දාපු අයත් අයින් කරන්න ඕනෑ.

දිනේෂ් ගුණවර්ධන මහතා – සරත් ෆොන්සේකා මහත්තයාව බලන්න මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ කී පාරක්‌ ගියාද? මේ ආබාධිතයන්ට ගහපු එක වැරදියි කියලා අගමැතිතුමා පිළිගන්නවාද?

අගමැතිවරයා – ආබාධිතයන්ට ගහන එක වරදක්‌. ආබාධිතයන් උසිගන්වලා ආබාධිතයන් මුවාවෙන් ඇවිත් ප්‍රශ්න ඇතිකරන එකත් වරදක්‌. මම සෝභිත හාමුදුරුවෝ ගැන කිව්වේ නෑ. මම කීවේ මෙතැන හිටපු සංඝයා වහන්සේලා ගැනයි. සෝභිත ස්‌වාමීන් වහන්සේ දළදා මාළිගාව ඉදිරිපිටදී ආගමික උත්සවයක්‌ පැවැත්වුවා. එහිදී මල්වතු පාර්ශ්වය දෙකට කඩන්නත් සමහරු සූදානම් වුණා.

විමල් වීරවංශ මහතා – දුටුගැමුණු මහ රජතුමා එළාර එක්‌ක සටනට යද්දී මහා සංඝරත්නයත් ගියා. අගමැතිතුමා නොදන්න කතා කියන්න එපා. අපේ රණවිරුවන් සමගත් මහා සංඝරත්නය හිටියා. කැපවුණා. ඒක නොදන්නා අගමැති ගැනයි මට ප්‍රශ්නය.

අගමැතිවරයා – දුටුගැමුණු රඡ්ජුරුවෝ කිසි දවසක ප්‍රභාකරන් සමඟ ගිවිසුමක්‌ ගහලා මාගම සිංහාසනය ගත්තේ නෑ.

[fbvideo link=”https://www.facebook.com/gampahasinhayooo/videos/1872480653038681/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ජගත් ජයසූරිය ගැන ෆොන්සේකාගේ මතය අගමැති රනිල් අනුමත කරයි !!

colombotoday

“සල්ලි ඉල්ල ඉල්ලා පාරේ යන්නෙ හිගන්නෝ” – ෆොන්සේකා භික්ෂූන් වහන්සේට නැවතත් ගරහයි (Video)

colombotoday

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04 කට නායයෑම් රතු නිවේදන

colombotoday

භාණ්ඩ 367ක් ආනයනය නවතමින් ගැසට් නිවේදනයක්

colombotoday

ජනපති තමන්ගේ සීමාව දැනගෙන කටයුතු කළ යුතුයි – කිරිඇල්ල

colombotoday

IMF ණය මේ මාසයේදී – තාරක බාලසූරියගෙන් අනාවරණයක්!

Admin