Colombo Today Local News

ට්‍රම්ප් සමග එක්වී දෙමළ අයිතිවාසිකම් දිනාගන්නවා.. යුද අධිකරණය ස්ථීරයි

tna 265

ඇමෙරිකානු ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සමගින් එක්වී දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීම සදහා කටයුතු කරන බවත් ඇමෙරිකා ජනාධිපතිවරණයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉස්මතු වූ බවත් විපක්‍ෂ නායක දෙමළ ජාතික සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් පැවසීය.

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ පත්වීම සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා මේ බව කීය.

“ශී‍්‍ර ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයන් වලදී සාමාජික රටවල් වලද සහායෙන් ඇමරිකාව විසින් යෝජනාවන් සම්මත කර ගත්තා.දැන් එම යෝජනා ක‍්‍රියාත්මක කිරීමේ තත්වයකයි තියෙන්නේ.ඇමෙරිකාව විසින් ගෙන ආ මෙම යෝජනා අතරින් 2015 වසරේදී සම්මත කර ගත් යෝජනාව ශ‍්‍රී ලංකා රජයද පිළිගෙන තිබියදී මෙම යෝජනාව ක‍්‍රියාත්මක වීම අනිවාර්යයි.එහි කිසිදු වෙනසක් සිදුවිය යුතු නැහැ“යැයි ඔහු පැවසීය.

Related posts

කාල බෝතලේ තහනම් කරන්න යයි

colombotoday

සජිත් ගෙන ආ රංජන්ගේ නිවාඩු යෝජනාව කතානායක ප්‍රතික්ෂේප කරයි

colombotoday

ඒකාබද්ධය ශ්‍රීලනිප සංවත්සරය වෙනම සමරයි.. කුරුණෑගල නොයන බව නිල වශයෙන් කියයි

colombotoday

QR කේතයට බැහැරව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල්වලට එරෙහිව දැඩි පියවර

colombotoday

ගාලු මුවදොර ඉන්න යාචකයින්ට අලුත් නවාතැනක්

Admin

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

colombotoday