Colombo Today Local News

නිරෝධායන නීති නොතකා පවත්වාගෙන ගිය සම්භාහන මධ්‍යස්ථානයක් වටලයි

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය සැකකාරියන් දෙදෙනෙකු අද(25)දින අලුයම අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය කියයි.

ආරක්ෂිත විධිවිධාන උල්ලංඝනය වන ආකාරයට පවත්වාගෙන ගිය බව කියන මෙම ම්භාහන මධ්‍යස්ථානය පිළිබඳව ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කළ බව පොලිසිය කියයි.

මොරටුව ලුනාව ප්‍රදේශයේ තාවකාලික කුලී පදනම මත ලබාගත් දෙමහල් නිවසක මෙම සම්භාහන මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇත. ඇතුලුවීමේ ගාස්තු රුපියල් 3000ක් ලෙසත් සේවා සැපයුම් සඳහා රුපියල් 2000ක් වන ලෙසත් පාරිභෝගිකයන්ගෙන් රුපියල් 5000ක මුදලක් ලබාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරියන් පොළොන්නරුව,අනුරාධපුරය යන ප්‍රදේශයන්හි පදිංචිකාරියක් බව සඳහන් කරන පොලිසිය මොවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසීය.

Related posts

මිලදී ගත් තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

colombotoday

සමුගන්න පෙර හනා ජනපති හමුවෙයි

Admin

කොටින්ට විරුද්ධ සටනේ සයුර ජයගත් වීරයා සෙන්පති කරන්නාගොඩ බිලි දෙන්නේ ඇයි?

colombotoday

මහර ගැටුම : රැඳවියන් මියගොස් ඇත්තේ වෙඩි වැදීමෙන්.. අධිකරණයේදී හෙළි වෙයි.

colombotoday

නාම යෝජනා භාරදීමෙන් පසු පෙළපාලි යාමෙන් වළකින්නැයි මැතිවරණ නිරීක්ෂකයින් ඉල්ලයි

Admin

අධිකරණ ඇමති රංජන් නිදහස් කර ගැනීමේ ප්‍රයන්තයක.

colombotoday