Covid 19

නිලූක කරුණාරත්නටත් කොවිඩ්

ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩකයකු වන නිලූක කරුණාරත්නට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ඔහුට මේ වනවිට දරුණු රෝග ලක්‍ෂණයක් පෙන්නුම් කර නොමැති අතර ඔහු සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් ස්වයං නිරෝධායනය වී ඇති බව වාර්තා වෙයි.

මෙයට පෙර ඔහුගේ බාල සොහොයුරු වන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නවක ක්‍රීඩක චාමික කරුණාරත්නට කොරෝනා ආසාදනය වී තිබූ හෙයින් නිලූක ඇතුළු ඔහුගේ පවුලේ සියලු දෙනා පී.සී.ආර්. පරීක්‍ෂණක් සඳහා පෙනී සිට ඇත.

එම පී.සී.ආර් වාර්තාව අනුව ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගෙන තිබේ.

Related posts

ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාවට යොදවා සිටි STF 30කට කොවිඩ්.

colombotoday

දෙවරක් පැනගිය කොවිඩ් ආසාදිතයා මරුට බිලි

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

මාස 7ක දරුවෙකුටත් කොවිඩ් ආසාදනය වෙයි

colombotoday

වෛද්‍ය සිසුවෙකුටත් ඩෙල්ටා ආසාදනය වෙයි

colombotoday

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන පළමු වරට චීනය පසුකරයි

colombotoday