Colombo Today Sports News

ගුවන් අනතුරකින් පාපන්දු ක්‍රීඩකයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට

බ්‍රසීලයේ ටොකැන්ටින්ස් ප්‍රාන්තයේ සිදුවු ගුවන් අනතුරකින් පාපන්දු ක්‍රීඩකයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බ්‍රසීලයේ පැල්මාස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩකයින් සිව්දෙනෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනතුරෙන් ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා සහ යානයේ නියමුවා ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ක්‍රීඩකයින් තරඟාවලියක් සඳහා ගොස් ඇති අතර එහිදි සිදුකළ කොවිඩ් පරීක්ෂාවේදී ඔවුන් කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී ඇත.

ඒ හේතුවෙන් ඔවුන් යළි පැමිණෙමින් සිටින අවස්ථාවේ මෙම අනතුරට මුහුණ පා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Related posts

කාසියේ වාසිය දිනූ පාකිස්තානය පිත්ත අතට ගනී

Admin

මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ උපදේශක තනතුරට

colombotoday

දණහිසේ අබාදය හේතුවෙන් මාලිංගට නවසීලන්ත එක්දින තරග අහිමිවේ..

colombotoday

ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

colombotoday

ස්කොට්ලන්තයටත් සුපිරි ජයක්

colombotoday

ශ්‍රී ලංකාව ලකුණු 225 කට දැවී යයි

colombotoday