
පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳව සොයාබැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභා විමර්ශන වාර්තාවේ පිටපතක් නීතිපතිවරයා වෙත ලැබී තිබේ.
ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපතිවරයා වෙත එම පිටපත ලබාදී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.
මේ අතර නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත්තේ විමර්ශන කොමිසමේ සැසියන්ට අදාළ සියලු ලිපි ලේඛණ (වෙළුම 2-5) නීතිපති දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසය.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com