Colombo Today Local News

නෑමට ගිය සාමනේර හිමිනමක් අතුරුදන්

ගාල්ල කොටුව ප්‍රදීපාගාරය අසළ මුහුදේ නෑමට ගිය සාමණේර හිමිනමක් අද (25)දින දහවල් මුහුදේ ගසාගෙන ගොස් අතුරුදන්ව ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ පෝද්දල බලගොඩ විහාරස්ථානයේ වැඩ සිටි හැගොඩ සුමණ නමැති 17 හැවිරිදි සාමනේර නමකි.

උන්වහන්සේ තවත් හිමිවරුන් තිදෙනෙක් සමඟ මුහුදේ නෑමට පැමිණ වෙරලේ බෝලයකින් සෙල්ලම් කරමින් සිටියදී බෝලය වතුරට වැටිමෙන් එය ගැනිමට ගිය අවස්ථාවේ දිය පහරකට හසුව ගසාගෙන ගොස් ඇත.

සිරුර සොයා නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් සහ ජිවිතාරක්ෂක කණ්ඩායම් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර ගාල්ල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

Related posts

ඊළග යුද්ධය ශ්‍රී ලංකා හමුදාව සහ උතුරු පළාත් පොලීසිය අතර !!

colombotoday

නව යුද හමුදාධිපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක !

colombotoday

ලංකා සීනි සමාගමේ නව සභාපති වැඩ අ‍රඹ‍යි

Admin

කොරෝනාවෙන් රට බේරාගන්න මුහුදට බිලිවෙන්න මං සූදානම් – පවිත්‍රාදේවී

colombotoday

මැතිවරණ වියදම් නියාමන පනත මැතිසබයට ඉදිරිපත් කරයි

Admin

ඉන්ධන මිල සුත්‍රය ගෙන ඒම සුදුසුයි

colombotoday