Colombo Today Local News

අල්ලස් ගත් හිටපු පොලිස් සැරයන්වරයෙකුට වසර තුනක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

අල්ලස් චෝදනාවකට වරදකරු කෙරුණු කැබිතිගොල්ලෑව පොලීසියේ හිටපු පොලිස් සැරයන්වරයෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිරදඬුවම් හා දඩ මුදල් නියම කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් එම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

සිරදඬුවමට අමතරව රුපියල් 5000ක දඩයක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබූවොත් මාසයක ලිහිල් වැඩ සහිත සිරදඬුවම් නියම කරන බවද විනිසුරුවරයා නියෝග කර තිබේ.

එමෙන්ම අල්ලස් වශයෙන් ලබා ගත් රුපියල් 20,000 ක මුදල දණ්ඩනයක් වශයෙන් විත්තිකරු ගෙන් කරගන්නා ලෙසත් එම දණ්ඩ මුදල ගෙවීම විත්තිකරු විසින් පැහැර හරිනු ලැබූවොත් අමතරව මාස තුනක ලිහිල් වැඩ සහිත සිරදඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා නියෝග කළේය.

2013 වසරේ මැයි මස 17 වනදා සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින ලලින්ද ජයසේන නමැති සැකකරුවකුට ඇප ලබා දීමට අවශ්‍ය කටයුතු ඉටු කර දීම සඳහා ඔහුගේ මව ගෙන් රුපියල් 35,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා රුපියල් 20,000/- ක් ලබා ගැනීම සම්බන්ධයෙන් එම විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් චෝදනා හයක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම විත්තිකරුට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා පහක් සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බවත් ඒ අනුව ඔහු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන බවත් තීන්දු කළේය.

එහෙත් රුපියල් 20,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවත් එම චෝදනාවට විත්තිකරු වරදකරු කරන බව තීන්දු කරමින් විනිසුරුවරයා එම නඩු තීන්දුව ප්‍රකාශයට පත්කර තිබේ.

Related posts

“කාන්තාවන් මැදපෙරදිග නොයවා ආර්ථික අර්බුධයෙන් ගොඩ එන්න බෑ” – ෆොන්සේකා

colombotoday

විහාර දේවාලගම් පනත එන සතියේ පාර්ලිමේන්තුවට.. බුද්ධාගමට හානිකරයි – මහසංඝරත්නයේ විරෝධය

colombotoday

කිරි තේ එකක මිල පහළට

Admin

ආරක්ෂාව තර කරන ලෙස පොලිස්පතිගෙන් සියලුම පොලීසිවලට උපදෙස්

colombotoday

අතුරුදන් වූවන් සොයන පනත සම්මත වීම විශාල ජයක්.. නෝවේ අගමැතිණිය TNA ට කියයි

colombotoday

කලුතර නගරාධිපති අමීර් නසීම් අත්අඩංගුවට

colombotoday