Covid 19

කරවනැල්ල රෝහලේ වෛද්‍යවරු 05කට කොරෝනා

කරවනැල්ල රෝහලේ සේවය කරන වෛද්‍යවරු පස් දෙනෙකුට 23 වැනිදා කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රුවන්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මෙම රෝහලේ සේවය කරන වෛද්‍යවරියකට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහලේ සේවය කරන වෛද්‍යවරු තිස් දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කර ඇති අතර එම පරීක්ෂණයේදී වෛද්‍යවරු පස් දෙනෙකුට කොරෝනා බවට තහවුරු වී ඇත.

මේ අනුව කරවනැල්ල මූලික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර කිරීම සීමා කර ඇති අතර අනිකුත් සේවාවන් සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යන බව රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

Related posts

සියයට 95ක් සාර්ථක කොවිඩ් එන්නතක්

colombotoday

මහියංගනය ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් තවත් කොවිඩ් පොකුරක්

colombotoday

නව කොවිඩ් ආසාදිතයන් 326ක් හදුනා ගැනේ

colombotoday

උප පොලිස් පරික්ෂකවරයෙකුත් කොවිඩ් නිව්මෝනියාවෙන් මිය යයි

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 518ක්

colombotoday

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් ලැගුම් ගෙන සිටින තරු පහේ හෝටලයක දෙදෙනෙකු කොරෝනා

colombotoday