Colombo Today Local NewsUncategorized

මඟුලට පිරිස වැඩි කරයි | ලිහිල් වුණු සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න

කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් ලිහිල් කරමින් දිවයින පුරා රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා පනවන ලද සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයට අනුව නව සංශෝධන හෙට (26)දින සිට ක්‍රියාත්මක වනු ඇති.

ඒ අනුව ආපනශාලා තුළට ඇතුළු කර ගත හැක්කේ එහි ධාරිතාවෙන් 1/3 ක් වන අතර පුද්ගලයින් සංඛ්‍යාව 75 සීමාව ඉක්මවා නොයා යුතු ය.

එළිමහන් ස්ථානයක නම්, ඇතුළු කර ගතහැකි පුද්ගලයින් සංඛ්‍යාව 100කි.

මංගල උත්සව සඳහා ශාලා ධාරිතාවෙන් 1/3කට සහභාගී විය හැකි අතර පුද්ගලයින් සංඛ්‍යාව 100 ඉක්මවා නොයා යුතු ය.

එළිමහන් ස්ථානයක නම්, පුද්ගලයින් 150කට අවසර හිමි වේ.

විවාහ මංගල උත්සවලදී මත්පැන් සංග්‍රහ තවදුරටත් තහනම් ය.

Related posts

අගවිනිසුරු ශ්‍රී පවන් විශ්‍රාම ගනී

colombotoday

තුවාල ලබා මිය ගිය කාන්තාවක් හඳුනා ගන්න පොලීසිය මහජන සහාය පතයි

Admin

ලංකාව දැන් පිළුනු ගඳයි – ඉන්දියාවේ හින්දු පුවත් පත කියයි !

colombotoday

දිලීර වසංගත වලට විෂ පළිබෝධනාශක ගෙන්නලා | නුවරඑළිය කාබනික රහිත කලාපයක් කරයි ?

colombotoday

13ට එහා ගිය බලය බෙදීමක් ඕන.. අත් දෙකම උස්සන්න මම ලෑස්තියි

colombotoday

අත් ට්‍රැක්ටරයකට යටවී මාස 9ක බිළිඳෙකු මරුට

colombotoday