Colombo Today Local News

දියර පොහොර ගනුදෙනුව ගැන පරීක්ෂණයක් ඉල්ලා සමගි ජන බලවේගයෙන් CIDයට පැමිණිල්ලක්

ඉන්දියාවෙන් දියර පොහොර ආනයනයේදී පෞද්ගලික සමාගමක ගිණුමකට මුදල් ගෙවීමේ සිද්ධියට අදාළව පරීක්ෂණයක් සිදුකරණ ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.

පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අනාවරණය කළේ, ඉන්දියවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගෙන්වීම සඳහා රුපියල් කෝටි 29 ක මුදලක් පසුගිය 17 වනදා මෙරට ආරම්භ කළ පුද්ගලික සමාගමක ගිනුමකට බැර කර ඇති බවයි.

එම මුදලින් රුපියල් නව කෝටි විසි ලක්ෂයක මුදලක් පමණක් පොහොර ගෙන්වීමට වියදම් කර ඇති බවත් ඉතිරි මුදල අදාළ ගිණුමේ තවදුරටත් ඇති බවත් විජිත හේරත් මන්ත්‍රීවරයා එහිදී කියා සිටි.

Related posts

මේ ආණ්ඩුව කෝටි 13000ක් අච්චු ගහලා..

Admin

විමල් හූනු සාත්තරයක් කියයි

Admin

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන අද සිට සංශෝධනය කෙරේ…

Admin

20ට විපක්ෂයෙන් විරෝධය

colombotoday

” අස්ස කුලප්පුවට අහුවෙන්න මම සුනම් නෑ “

colombotoday

ජනපති පුත් දහම් සිරිසේනට චෝදනා එල්ලවූ සමාජ ශාලා ගැටුමේ සත්‍ය එලියට

colombotoday