World

වයස 13 දැරිය කසාදයට ගත් මුසල්මානුවෙක් ඕස්ට්‍රේලියානු පොලිස් අත්අඩංගුවට.. බරපතල වැඩ ඇතිව සිරකරයි

child-abuse-muslimවසය අවුරුදු 13ක දැරියක් ඉස්ලාම් ශරියා නීතියට අනුව විවාහ කරගත් අහම්ඩ් චම්මා නමැති 26 හැවිරිදි පුද්ගලයෙකු ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පුද්ගලයා 2012 වසරේ සිට මෙම දැරිය සමග ලිංගික සබදතා පවත්වා ඇති මෙම වසරේ මුල් කාලයේදී ඉස්ලාම් නිතිය යටතේ විවාහmuslim chilවී ඇත. නමුත් ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය නීතියට අනුව වයස අවුරුදු 13ක දැරියක් සමග ලිංගික සබදතා පැවැත්වීම ළමා අපචාර චෝදනා යටතේ දඩුවම් ලැබිය හැකි දරුණු අපරාධයකි. ඒ අනුව ක්‍රියාත්මකවූ ඕස්ට්‍රේලියානු පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇත.

අදාල දැරිය පරිවාස බාරයට පත්කිරීමට අධිකරණය නියෝග කර ඇතිබව ඕස්ට්‍රේලියානු මාධ්‍ය පවසයි.

ඉස්ලාම් ළමා විවාහ සම්බන්ධයෙන් මේ දිනවල මෙරටද කතා බහත් ඇති වී ඇත. ඉස්ලාම් නීතිය අනුව වයස් සීමාවකින් තොරව දැරියන් විවාහ කරගැනීමට ඉස්ලාම් භක්තිකයන්ට හැකියාව ඇතත් වයස 17ට අඩු දරුවෙකුට සිදුකරන අයුතු මානසික, ශාරීරික, ලිංගික බලපෑම් බරපතල දඩුවම් ලැබිය හැකි ළමා අපචාරයක් ලෙස මෙරට සාමාන්‍ය නීතියට ඇතුළත්ව ඇත. මෙරට මුස්ලිම් සමාජය තුළද ළමා විවාහ (බරපතල ළමා අපචාර) කොතෙකුත් සිදුවූවත්, ළමා අපචාර චෝදනා යටතේ කිසිවෙකුත් මේ දක්වා අත්අඩංගුවට ගත් බවක් වාර්තා වී නැත.

Related posts

බ්‍රිතාන්‍යයේ පළමු කොවිඩ් එන්නත ලැබූ කාන්තාව

colombotoday

ප්‍රංශ ජනපති එම්මානුවෙල් ඊශ්‍රායලයට

Admin

පුද්ගලයන් 91ක් සමගින් රුසියානු ගුවන් යානයක් අතුරුදන්

colombotoday

ආගමික අන්ධභක්තියට ගොදුරුව ඉකි බිඳින මනුෂ්‍යත්වය මෙතැනින් කොතනටද?

colombotoday

මයික්‍රොසොෆ්ට් පරිගණක සඳහා වින්ඩෝස් 11 එළිදකී

colombotoday

පකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස 70 දක්වා ඉහළට

Admin