World

ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් රුසියාව ඉවත් වෙයි !

puutin232ජාත්‍යන්තර අපරාධ අධිකරණය තවදුරටත් ස්වාධීන ආයතනයක් නොවන බැවින්, ඒ හා සම්බන්ධ ගිවිසුම්වලින් ඉවත්වීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් එරට අධිකරණ අමාත්‍යාංශයට හා විදේශ අමාත්‍යාංශයට නියෝග කර තිබේ.

එමෙන්ම, මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයද දැනුම්වත් කරන ලෙස පූටින් විදේශ අමාත්‍යාංශයට නියෝග කර ඇත.

විශේෂයෙන්ම පසුගියදා ප්‍රංශ ජනපති ප්‍රංශුවා හොලන්දේ විසින් සිදුකළ ප්‍රකාශයක්ද රුසියාව මේ ආකාරයෙන් එම ආයතනයෙන් ඉවත්වීමට හේතු වී ඇත.

රුසියාව විසින් සිරියාවේ සිදුකරන හමුදා මෙහෙයුම් සාමාන්‍ය ජනතාව ඉලක්ක කරන්නක් බවත්, ඒ නිසා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට පැමිණවිය යුතු බවත් හොලන්දේ පවසා තිබුණි.

Related posts

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් තවමත් ලෝක තර්ජනයක් – එක්සත් ජනපදය අනතුරු අඟවයි

colombotoday

හමාස්ට එරෙහි මෙහෙයුම පූර්ණ ශක්තිය යොදා අඛණ්ඩව ගෙන යනවා | ඊශ්‍රායල අගමැති ජනතාවට කියයි.

colombotoday

69 වන ඔස්කා සම්මාන උළෙල

Admin

සුළුතර හින්දුන් ඉස්ලාම් ආගමට හරවා ගන්නා බවට පාකිස්තානයට චෝදනා

colombotoday

හිටපු ඉන්දීය ජනාධිපති අභාවප්‍රාප්ත වෙයි

colombotoday

මුස්ලිම් කාන්තාවක් විවාහ කරගත් අහමදියා තරුණයෙකු අත්අඩංගුවට. | අහමදියාවරු මුස්ලිම්වරුන් ලෙස හැඳින්වීමත් තහනම්

colombotoday