Colombo Today Local News

අති තරම් කන්න බොන්න දීලත් පන්දාහක්වත් කොළඹට ගේන්න බැරිවුණේ ඇයි? එජාප ප්‍රබලයන් කැළඹීමෙන්

unp protest

පෙරේදා සංවිධානය කර තිබූ “අලුත් ශ්‍රී ලංකාවට ඉඩදෙන්න“ විරෝධතා රැළියට සැළසුම් කළ තරම් පිරිසක් සහභාගී නොවීම පිළබදව එජාප ප්‍රබලයන් දැඩි ලෙස කැළඹීමට පත්ව ඇති බව සිරිකොත අභ්‍යන්තර තොරතුරු මාර්ග පවසයි.

එම රැළියට අඩුම තරමින් විසිදහසක්වත් කොළඹට ගෙන්වීමට එජාප ප්‍රධානීන් සැලසුම් කර තිබුණද සහභාගී වී ඇත්තේ පන්දහසකට අඩු පිරිසකි. රැළිය පැවැත්වීමට කලින් සැලසුම් කර තිබූ හයිඩ් පිටියෙන් බාගයක්වත් පිරවීමට එම සෙනග ප්‍රමාණවත් නොවීම නිසා රැළිය ලිප්ටන් වටරවුමට හැකිළීමට සිදුව තිබේ.

අවශ්‍ය ප්‍රතිපාදන සහ ලංගම බස් රථ සිරිකොත මූලස්ථානය මගින් සපයා තිබුණත් සිතූතරම් පාක්ෂිකයන් පිරිසක් කොළඹට ගෙන්වීමට නොහැකිවීම සම්බන්ධයෙන් ආසන සංවිධායකවරුන්ගෙන් කරුණු විමසීමට එජාප මූලස්ථානය සූදානම් වන බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

එමෙන්ම සෑම යෞවන සමාජ සම්මේලනයකින්ම තරුණයන් දහස බැගින් සහභාගී කරවන ලෙස තරුණ සේවා සභාවට දැනුම් දී ඇතත් සමස්ථ රැළිය සදහාම ගෙන්වාගත හැකිව තිබෙන්නේ තරුණයන් දෙදහසකට ආසන්න පිරිසකි. ඉන්දු – ලංකා ගිවිසුමට එරෙහිව වෘත්තීයවේදින් විසිදහසකට ආසන්න පිරිසක් විසින් පසුගිය මස කොළඹදී පැවැත්වූ විරෝධතාවය පිළිබදව අදහස් දක්වමින් අගමැතිවරයා පවසා තිබුණේ එම විරෝධතාවට එරෙහිව එමෙන් දෙගුණයක් තරුණයන් සහ වෘත්තීයවේදීන් පාරට බැස්සවීමට තමන් සමත් වන බවයි. නමුත් එජාපයේ වෘත්තීය සමිත සංවිධාන කිහිපයක් හැරෙන්නට පිළිගත් වෘත්තීය සංගම් හෝ සංවිධාන එජාප රැළිය සදහා සහභාගී නොවීය.

සිරස ඇතුළු පුද්ගලික ජනමාධ්‍ය එජාප රැළිය සම්බන්ධයෙන් රිනාත්මක ප්‍රතිචාර දක්වා තිබීම සම්බන්ධයෙන්ද සිරිකොත ප්‍රධානීන් උරණව සිටින බවද පැවසේ. මාධ්‍ය මගින් වැඩි ඉඩක් ලබා දි තිබුණේ, බඹර පදමට මත්වූ පාක්ෂිකයන් පපරේ බෑන්ඩ් සද්දෙට (Lady Boy) ලා සමග රගදෙමින් පෙළපාලියේ යන දර්ශනවලටය.

ජන බලය පෙන්වීමට ගොස් එජාපය ඇන ගැනීම ගැන අදහස් දක්වමින් පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලකයන් පවසා ඇත්තේ අගමැතිවරයා ලෝකයම දිනා ගැනීමට දක්ෂයකු බවට උදම් ඇනුවත් ගම් මට්ටමේ, බිම් මට්ටමේ දුප්පත් පාක්ෂිකයන්ගේ හදවත දිනා ගැනීමට සමතෙකු නොවන බව තව දුරටත් පැහැදිළි වන බවයි. ඇල්මැරී සිටි එජාප පාක්ෂිකයන් ජනවාරි 8 දේශපාලන පෙරළියත් සමග උත්තේජනයක් ලැබූවද බලාපොරොත්තූ වූ තරම් වෙනස සනීප නොවීමත්, අඩු තරමේ පාක්ෂිකයන්ගේ ගැටළුවල හෝ විසදුම් ලබා දීමට එජාපය කටයුතු කර නොතිබීමත්, නිසා “කැපුවත් කොළ“ පැරණි පාක්ෂිකයන් අතලොස්සක් හැරෙන්නට මධ්‍යස්ථ පාක්ෂිකයන් පක්ෂය සහ නායකයන් ගැන තව දුරටත් කළකිරීමට පත්ව ඇති බවත්, මේ තත්ත්වය යටතේ පළාත් පාලන මැතිවරණයකට ගියහොත් පරාජය අනිවාර්ය වන බවත් එම දේශපාලකයන් පවසා ඇති බවයි වැඩිදුරටත් අනාවරණය වන්නේ.

Related posts

සනත් නිශාන්ත අත්අඩංගුවට ගන්නැයි නියෝග

colombotoday

UN සංවිධානයේ ඉහළ තනතුරක් ලබා ගැනීමේ අරමුණින් මංගල රණවිරුවන් පාවා දෙනවා – එස්.බී.

colombotoday

ගාසා තීරයේ සිටි ලාංකිකයින් 13 දෙනෙකු ඊජිප්තු දේශසීමාවේ පවතින රෆා පිවිසුම අසලට

Admin

ෂර්මිලා රාජපක්ෂ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් නෙරපයි

colombotoday

සමන්තුරෙයි අගෝමාරි අම්මාන් කෝවිලට මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයක් – Photos

colombotoday

තැපැල් ඡන්ද විමසීම සාමකාමී – මැතිවරණ කොමිසම

colombotoday